හතලිස් පහ

4.6K 466 8
                                    

තේජාන් ඔහොම කිව්වට මේ ලෝකෙ මනුස්සයෙකුට පුළුවන්ද ඔය කියන විදියෙ පොරොන්දුවක් දෙන්න? මොකෝ මං මහා බ්‍රහ්මයද, ඉපදෙන වෙලාවයි මැරෙන වෙලාවයි මටම තීරණේ කරන්න. ඒත් මේ මනුස්සයා ඉන්නෙ හොඳ සිහියෙන් නෙමෙයි ඕක තේරුම් කරවන්න.

"හරි, හරි!
දැන් කලබල වෙන්න එපා අයියෝ!
මං පොරොන්දු වෙන්නම්, මට පුළුවන් උපරිමේ මං ට්‍රයි කරනවා කියලා. හොස්පිට්ල් ගිහින්, අනිවාර්යයෙන් බෙහෙත් ගන්නම්. එයාලා කරන්න කියන ඔක්කෝම, තියෙන සල්ලි ටික සේරම වියදම් කරලා හරි පුළුවන් හැම විදියටම කරන්නම් හොඳේ!"

"බෑ, බෑ!
එහෙම බෑ!!
මට පොරොන්දු වෙයං, ඈතින් හරි මං මැරෙනකල්ම ඉන්නවා කියලා. නැත්තම් උඹට කලින් මං මැරෙන එක මැරෙනවා!!."

"හ්..හා හා
හරි එහෙනම් මං පොරොන්දු වෙන්නම්කො.
දැන් අපි වාඩි වෙමුද?
මේ ඔයාගෙ ඇඳුම්! ඒවා ඇඳගෙන ඉන්නකො"

තේජාන් මගේ දිහා බැලුවෙ බබෙක් වගේ. ඔය මූණට හුරතල් බැල්මවල් ගැලපෙන්නෑ අප්පා. මට හිනා යන්නත් එනවා. විහිළුකාරයෙක් වගේ. අර මහසෝනා වගේ ඉද්දි තමයි හොඳ.
ඒත් මෙන්න මේ යකා බිම දණ ගහගෙන අත්දෙකත් උඩට උස්සගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා!

"අයියෙ!???"
මට බයයි මේකගෙ මොලේ වයර් ශෝට් වෙලාද කියලා.

"අන්දනවකො බං ඇඳුම් ටික!"
කටත් හදාගෙන කියන්නෙ නිකං තොත්ත බබා වගේ. අනේ ඉතින් මලසමයං.
මං ටීශර්ට් එක අරන් එයාගෙ ඔළුවෙන් දාලා නලල ලඟට එනකල් පහලට ඇදලා කලිසම අතින් අරන් එලියට පැන්නා.

"ඔන්න ඇන්දුවා. අද ඔහොම ඉන්න...
බායි!!!"
එහෙම කියාගෙන මං සාලෙට දිව්වෙ හිනා වෙවී. ඒත් මේ හාදයට ලැජ්ජාව කියලා නාමයක් නෑ. අර ටී ශර්ට් එක විතරක් ඇඳගෙන ඒකත් දුවගෙන එනවා  මගේ පස්සෙන්ම.

"දෙයියනේ තේජාන්! පිස්සුද මිනිහෝ???
අම්මලා කවුරුහරි ආවොත් මොනා නොහිතයිද?"

"අම්මලා නෑ බං. නැත්තම් අපි දෙන්නා ඉස්සෙල්ලා මැරෙන්න වගේ කෑගහපු හැටියට මේ වෙද්දි තුන් දෙනාම කාමරේ අස්සටත් ඇවිත්. කට්ටිය ඔන්න කොහෙද මන්ද දානෙ ගෙදරක් කියලා ගියේ."

"ආ... හරි හරි.
ඒක තමයි එහෙනම්. තමුසෙ ප්ලෑන් කරලම අසරණ මගෙ පු# පැලුවානේ?
දැන්වත් මෙන්න මේක ඇඳගන්නවා ඔය හූනු බි#ජ එලියෙ දාගෙන නොයිඳ"
මං කලිසම විසි කලේ එයාගෙ මූණට.

කඩුපුල් (Complete)Where stories live. Discover now