විසි තුන

4.8K 552 17
                                    

සතියක් ඉස්පිරිතාලෙ ඉඳලා යාන්තම් දෙයියනේ කියලා ටිකට් කැපුවා. අද නම් මට දෙයියො බුදුන් දැක්කා වගේ සතුටුයි. ඉස්පිරිතාලෙක දවසක් දෙකක් නැවතිලා ඉන්න වෙන්න ඕන දුක දැනෙන්න නම් හරියටම. මං කියන්නෙ අපි වගේ සාමාන්‍ය මිනිස්සු යන ඒවා, නැතුව සල්ලිකාරයො යන ප්‍රයිවෙට් හොස්පිට්ල් නෙමෙයි.

මගේ ලේ වල ප්‍රශ්නෙ නම් ඩොක්ටර්ස්ලටත් හොයාගන්න බෑ කියලා තමයි කිව්වෙ. එහෙම තමයි ඉතින් අපේ වැඩ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් කරපු හොර වැඩ එකතු කලා නම් පොත් පහක් ලියන්න තිබ්බා. ඇඟ ගිහින් තියෙන්නෙත් ඒ ආරෙටම තමා. වැඩක් කලොත් ඉතින් ආයෙ සක්කරයටවත් හෙවිලි බොරු!

ඒත් ඉතින් සති දෙකකින් ක්ලිනික් ඇවිත් ලේ එකක් ආයෙම පෙන්නන්න කිව්වා. මුන් නම් අනිවාර්යයෙන් ලේ පිසාචයො. මට සැකයක් නෑ. නැත්තම් මෙච්චර මේ මෙහෙම හැම එකාගෙම ලේ වලටම බැල්ම හලන්නෙ මොකද? අර මිසීලා එහෙම උඩ පැනගෙන එන්නෙ උදේට ලේ ගන්න. පොතකුත් ලියාගෙන තියාගෙන ඉන්නෙ ලේ ගන්න උදවිය කියලා. මට කිසිම සැකයක් නෑ මුං තේ බොනවා කියලා ඔය අපෙන් ගන්න ලේ ටික තම ඇදලා අරින්නෙ. අනේ අහිංසක මාත් මේ කුමන්ත්‍රණ වලට අහුවුනානෙ දෙයියනේ!

හ්ම්....
දැන් ඉතින් ඉස්පිරිතාලයක් පෝශනය කරන්නත් වුනා අන්තිමේ මේ සිඟිති කොල්ලගෙ ලේ වලින්!

"කොල්ලො, නැගිටහන් බං.
යන්න ලෑස්ති වෙයං. උඹට හරි හමං විදියට බත් ඩිංගක්වත් කන්න දෙන්න ගෙදර ගිහින්"
ඔන්න ආවා මගේ සුරංගනාවි ඉතින්, හීන ලෝකෙ දෙබෑ කරගෙන.

නෑ. නෑ..
චිත්‍රා නෙමෙයි!
සුදර්මා!
එයා අන්තිමේ ආවා.
ඇවිත් ඉතින් මුළු දවසක්ම ඇඬුවා.
උඹ ඇයි මට මේවා නොකීවෙ. උඹ හොඳින් ඉන්නවා කියලා හිතාගෙන මං හිටියෙ. දැන් උඹ අම්මටත් දේවල් හංගන්න තරම් කෙරුමෙක් වෙලාද?

හයියෝ!
තාමත් කන් දෙක දෝංකාර දෙනවා.

අම්මට පණිවිඩේ කියලා තිබුනෙ ඉතින් මගේ නොවෙන, මගෙ සොඳුර තමා. මිනිහට ඉවසිල්ලක් නැතුව ඉන්න ඇත්තෙ මාව යවාගන්න. ඉතින් මේ වගේ චාන්ස් එකක් මොකට මිස් කරගන්නවද?
කමක් නෑ ඒක මටත් හොඳයි.
සමහරවිට ඔය යකා නොපෙනී ඉද්දි මගේ මේ මල හොල්මං නැති වෙලා යයි.

කඩුපුල් (Complete)Tahanan ng mga kuwento. Tumuklas ngayon