ඉතුරු දවස් ටික නම් කොහොම ගෙවුනද මන්දා? මං යන්න බෑ කිය කිය පොළවෙ පස් කෑවෙ නැති ටික විතරයි.
නිවාඩු දවසටත් අරූගෙ බැලමෙහෙවර කරන්න වෙනවා කියලා මතක් වෙද්දි මට දිව හපාගෙන මැරෙන්න හිතුනා."මට බෑ අම්මේ....
අරූ මහසෝනා වගේ මගෙන් වැඩගන්නවා. වාහනත් හෝදවගත්තා, මජං රෙදිත් හෝදවගත්තා මට කියලා.
අනේ අම්මෙ මාව වහල් සේවයට නොමිලේම පුදන්න යන්නෙ ඔයා.
යන්නම ඕන නම් අඩුම ගානෙ ලක්ෂ පහක් හයක්වත් ඉල්ලගන්න, වැඩකාරකම් කරලා දෙනවට.
අනේ මගේ සුදු රත්තරං අම්මේ.....
මාව යවන්නෙපා අනේ....""කට වහගෙන හිටිං කොල්ලො, මගේ දැන් කන් දෙකත් බීරි වෙලා යනවා ඔය කටේ සද්දෙට.
අනික නිවාඩු දවසෙ පස්ස උඩ දාගෙන නිදාගන්නවට වඩා කොයි තරම් හොඳයිද මොකක් හරි වැඩක යෙදිලා මනුස්සයෙකුට උදව්වක් කරන එක.
උඹ ඔය මොනවා කිව්වත් වැඩක් නෑ ලබන සඳුදා උඹ එහේ යනවා.
එච්චරයි!"ඉතින් වැඩක්ද?
ඇයි දෙවියනේ අපේ අම්මාට අරුං ඉනාවක්වත් කවලද මන්දා. නැත්තම් ඉන්න එකම දරු පැටියව මෙහෙම මරු කටට අතාරියිද?මං හිටියෙම හෝන්දු මාන්දු වෙලා. කිසිම වැඩක් කරගන්න මූඩ් එකක් නෑ. වෙලාවට එදා ෆිට් එක හැදුනට පස්සෙ මැනේජරයා ටිකක් සරෙන්ඩර් වෙලා ඉන්නෙ. මං උලමා වගේ උඩ බලං හිටියත් මිනිහා නෙමේ වචනයක් කිව්වෙ. මගේ හැකියාව තමයි ඉතින් මොනා වුනත්.
මහසෝනව නම් ඊට පස්සෙ දැක්කෙම නෑ. මිනිහා නම් කැමති ඇති මං එනවට. ලැට් එකත් මට කියලා හෝදව ගනීද දන්නෑ මේ පාර.
රිලා මොටයියා!සඳුදා මටත් නිවාඩු නිසා අම්මව ගිහින් දාලා එන්න හිතුවෙ මං. පණ යයි ඉතින්, එදා ගිහින් එදාම එන්නෙපැයි.
ඒත් තනියම යවන්න හිතෙන්නෑ අම්මව. පව්නෙ!මං ආයෙම එන්නත් ඕන නිසා උදේ පහේ බස් එකේ යන්න හිතුවෙ අපි. අම්මගෙ කටේ බලේටම ඉරිදා රෑ මගේ බඩු ටික මහසෝන් විමානෙට දාලා ආවා.
අම්මෙ, ඔයාගෙ පුතාව අද හොඳට බලාගන්න. ආයෙම එද්දි මුං මගේ රිරී මංසෙ උරා බීලා තියෙයිද දන්නෑ. ඔය මුලිච්චියට කතා කරන සුදු පුතා නෙමෙයි ඕකගෙ ඇඟ අස්සෙ ඉන්නෙ රාක්ශයෙක්. ඔයා දුක් වෙයි අම්මෙ!
![](https://img.wattpad.com/cover/341744744-288-k945031.jpg)
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?