විසි එක

3K 413 42
                                    

"ඔහොම මායං දාගෙන ගෑනියෙක් වගේ තොඳොල් වෙවී මිනිස්සු අල්ලගන්න දඟලන්නෙ උඹට ලැජ්ජ නැද්ද? අසහනේ නම් ඒවා හොඳ කරන්න පුළුවන් තැන් හොයාගෙන පලයන්, මෙතන විලි ලැජ්ජ නැතුව අපේ ගෙවල් අස්සෙ රිංගගෙන වද නොදී!"
එයා කෑගහනවා.
මං අහගෙන ඉන්නවා. මට මොකුත්ම හිතාගන්න බෑ.

මේ ඇහෙන දේවල් හීනයක් නේද?
අනේ කවුරුහරි මට කියන්න!
මං ටීවී බල බල ඉද්දි නින්ද ගිහින් දකින නපුරු හීනයක් මේක. තේජාන් කවදාවත් මෙහෙම කතා කරන්නෙ නෑ නේද මට? එහෙම කතා කරන්න තරම් වරදක් කරලා නෑ නේද මං?
අනේ පුළුවන් නම් කවුරුහරි මාව කොනිත්තන්න. හයියෙම්ම කොනිත්තන්න. මොකද මගේ අත පය වැඩ කරන්නෑ වගේ දැන්. මොකද්ද වෙලා.
මේ හීනෙන් ඇහැරෙන්න ඕන මට. නිදාගෙන ඉඳලා බෑනෙ.
තේජාන් ගෙදර ආවද බලන්න ඕන.

ඒත් හීන මේ තරමටම ඇත්ත වගේ පේනවද? අනේ මන්දා!
මෙච්චර වෙලා කෑගහපු මනුස්සයා නම් දැන් මෙතන නෑ හැබැයි. ඒ කියන්නෙ මේක හීනයක් වෙන්නැති නේද?

මං කාමරේට යද්දි එයා ඉන්නවා ඒ වුනාට. ඇඳුම් මාරු කරනවා වගේ.
මගේ කකුල් දෙකට තවත් දරාගෙන ඉන්න මාරුයි වගේ. වෙව්ලනවනෙ මාව දැන්.
මං ඇඳෙන් වාඩි වෙලා කල්පනා කලා. මොකද්ද ඇත්තටම මේ වුනේ?

"උඹලා වගේ වේසකමේ එන එවුන්ට කියලා වැඩක් නෑ."
කෑගහගෙනම එයා කාමරෙන් ගියා. අනේ මේ හීනෙට නම් මං ආසම නෑ.

එයා ආයෙම එන්නෙ නැති වෙයිද?

ටිකක් වෙලා බලපු මං එලියට ඇවිදගෙන ගියා. තේජාන් පුටුව උඩ නිදි. මට තේරෙන්නෑ මේ මොකුත්. ඊයෙ වෙනකල් මාත් එක්ක එක කාමරේ බෙදාගත්ත මනුස්සයට දැන් මොකද වුනේ එක පාරටම?
එයාට මොකුත් ප්‍රශ්නයක්ද?
ඇත්තටම මං ඉන්න එක වදයක් වෙලාද?
මං කොච්චර හංගගෙන ඉන්න හැදුවත් එයාට මාව තේරිලාද?

ඔළුව යකාගෙ කම්මල වගේ. මට තේරෙන්නෑ මොනවා කරන්නද කියලා. එයා පුටුව උඩ නිදාගෙන ඉද්දි මං කොහොමද ඇඳේ සැපට නිදාගන්නෙ. ඒත් මෙතන නිදාගෙන ඉන්නවා දැක්කොත් එයාගෙ අනුකම්පාව ගන්න මායම් දානවා කියයි.
මං කොට්ටෙයි බෙඩ් ශීට් එකයි අරන් කුස්සියට ගියා. බිම සීතලයි. ඇඟට ලෑල්ලක් බැස්සුවා වගේ. නිදාගන්න බෑ මෙහෙම. ඒත් කරන්න දෙයක් නෑ. ඔළුවට වහලයක්වත් නැතුව පාරෙ නිදාගන්න මිනිස්සුත් ඉන්නවනෙ.

කඩුපුල් (Complete)Where stories live. Discover now