හතලිස් තුන (18+)

3.6K 423 43
                                    

"කට තිබ්බ පලියට මූසල කතා කියන්න එපා මිනිහෝ!"

මං මොකුත් කිව්වෙ නෑ. දැන් ඕක ගැන වාද කරලා වැඩක් නෑනෙ. මං තේජාන්ව මගෑරලා බස් එක එනවද බැලුවා.

"හිමාන්!
තෝ ආයෙම අසනීප වුනාම අපිටත් ඉස්පිරිතාල ගානෙ ලගින්න වෙනවා හු#තො.
යන්නම ඕනෙ ගමනක් නම් වරෙන් ගිහින් දාලා එන්න!!"

"ඔයාට ඉස්පිරිතාල ගානෙ ලගින්න බැරි නිසා තමයි කියන්නෙ.
මට යන්න පුළුවන්.
මේ අසනීපෙ බස් එකේ ගියා නොගියා කියලා වැඩි වෙන එකක් නෙමෙයි.
හැබැයි අම්මට මේවා කියන්න යන්නෙපා. ඒක මංම හෙමීට කියන්නම්. එයාට එක පාරටම මෙහෙම දෙයක් දරාගන්න හයියක් නෑ."

"මොකද්ද මිනිහො උඹට වෙලා තියෙන්නෙ? මොකද්ද දැන් නටන්න හදන නාඩගම?
එදා තෝව බලන්න ආවෙ නෑ කියලද මේ පලිගහන්නෙ ආ...?"

"කාටවත් පලිගහන්න තරම් කාලයක් මට නෑ අයියෙ.
ඉන්න තියෙන ටික දවසෙ හිතේ සැනසීමෙන් ඉන්න විතරයි මට ඕනෙ.
වෙලාවකට පණ දෙන්න වගේ ආදරේ පෙන්නලා, අනිත් වෙලාවට කුණු වෙච්ච බිත්තරයක් ගානට ඔයා මාව විසි කරලා දාද්දි මට ඒක හරි අමාරුයි.
ඒ නිසා මගෙන් ඈත් වෙලා ඉන්න තේජාන්!
ඉස්සර නම් මං බලාපොරොත්තු තියාගෙන හිටියා තමයි. ඒත් මට දැන් එහෙම මග බලන්න කාලයක් නෑ අයියෙ.
ඔයා මට කැමති නෑ කියන්න මං දන්නවා. ඒත් හිතේ මං ගැන මොකද්දෝ අනුකම්පාවක් තියෙනවා කියලත් දන්නවා. මට අනුකම්පාවෙන් වැඩක් නෑ අයියෙ. මට ඒකෙන් රිදෙනවා විතරයි. පුළුවන් නම් මං නැති කාලෙක මගේ අම්මා ගැන හොයලා බලන්න. සල්ලි දෙන්න නෙමෙයි මං කියන්නෙ. එයාට ඕන කරන සල්ලි මං එකතු කරලා තියලා යන්නම්. පුළුවන් නම් ඉඩක් ලැබුනම හොඳින්ද කියලා හොයලා බලන්න.
වෙන මොකුත්ම මං වෙනුවෙන් එපා අයියෙ. ඔයා නිදහසේ ඉන්න.
මං ඔයාට කරදරයක් වෙන්නෙ නෑ."

වෙලාවට බස් එකක් ඒ එක්කම ආවා. ඉස්කෝලෙ රැස්වීමෙ කතාවක් කලා වගේ අප්පා. කියවලාම මගේ උගුරත් වේලිලා.

"මං යනවා අයියෙ"
මොනා වුනත් මූණට දමලා ගැහුවා වගේ නොකියම යන එක හරි නෑනෙ.

ඒත් මං බස් එකට නගින්න ගියත් මාව පිටිපස්සට ඇදිලා ගියා. අයියෝ මේ තේජාන්ට මහසෝනා කියන්නෙ නිකම් නෙමේ අප්පා. පුදුම හයියක් ඒක. එදා හය දෙනෙක් එක්ක වීරක්‍රියා කලාට මොකද මේ මිනිහත් එක්ක හැරෙන්නවත් බෑ මට.

කඩුපුල් (Complete)Where stories live. Discover now