පනස් තුන

3.6K 396 13
                                    

ඉතින් එදා මට අම්මගෙන් තවත් මේ දේවල් හංගන්න බැරි වුනා. ඒක හරිම වේදනාකාරී මොහොතක්.
අම්මා අඬා වැටුනෙ පිස්සියෙක් වගේ. ඒත් අඩුම ගානෙ මං කුඩු කාරයෙක් නොවී අසනීපකාරයෙක් වෙච්ච එක නිසා වත් අම්මට පොඩි හරි සැනසීමක් දැනෙන්නැති. හැබැයි මේ දේවල් හැංගුව එකට නම් එයා මට සමාවක් දුන්නෙම නෑ.

"උඹ දැන් එච්චර ලොකු එකෙක්ද හිමාන්?අම්මව පිට කෙනෙක් ගානට දාන්න තරම්?
ඉස්සර කකුලෙ පුංචිම පුංචි තුවාලයක් වුනත් දුවගෙන ඇවිත් කියපු කොල්ලා. ඇයි රත්තරනේ මට මෙහෙම කලේ? ඇයි මේ දේවල් හැංගුවෙ?"

ඒක අහගෙන ඉන්න අමාරුයි. මං මොනදේ කිව්වත් අම්මා හිටියෙ පිලිගන්න මානසිකත්වෙක නෙමෙයි. මං හිතුවා වගේම එයා කඩාගෙන වැටුනා.

"අම්මෙ, මේක ඒ හැටි අසනීපයක් නෙමෙයි. මේ බෙහෙත් සැරට මට අමාරු තියෙන්නෙ. දැන් ඒවා ඉවර වෙන්නත් ලඟයි. අම්මා ඔහොම බොරුවට කරදර වෙන නිසානෙ නොකිව්වෙ"

"මං කරදර නොවී කවුරු කරදර වෙන්නද උඹ ගැන. මං උඹේ අම්මා උඹට ඒක අමතක වුනාට. අම්මෙක්ට ළමයෙක් කරදරයක් නෙමෙයි.
ඉස්පිරිතාල ගානෙ තනියම ගිහින් කාත් කවුරුත් නැති එකෙක් වගේ. උඹේ අම්මා තාම මැරිලා නෑ කියලා අමතක වුනාද, පුතේ? ."

"අනේ අම්මේ! මොකද්ද මේ?
මම තනියම නෙමේ ගියේ, තේජාන් අයියා තනියට ආවා."

ඒක කිව්ව එකෙන් වුනේ අම්මා හිටියට වඩා කලබල වුනු එක. ඇත්තටම එක පාරටම ඒක කටින් පැන්නට පස්සෙයි මට තේරුනේ අම්මා ඒ ගැන දැනගන්න ඕන නෑ නේද කියලා. ඒත් දැන් මොනවා කරන්නද?

"සුදු පුතා?
සුදු පුතා එක්ක මොකටද ආයෙම ඇයි හොඳැයිකම්? මං කිව්වා නේද උඹට දැන් ඕවා ඇති කියලා.
මෙච්චර කල් ගියාට කමක් නෑ. අද ඉඳන් ආයෙ ඒ කොල්ලා එක්ක ආශ්‍රයක් ඕන නෑ."

"ඇයි ඒ?
එහෙම කරන්න මට බෑ! මේ මාස ගානෙම මට උදව් කලේ එයා. ඉතින් මං එයාව දිගටම ආශ්‍රය කරනවා."

ඒත් ඉතින් එච්චර ලේසියෙන් අම්මා මගේ වචනෙට නැමෙනව නම් බැරියෑ.

"හරි උඹටනෙ බැරි. මං සුදු පුතාටම කියන්නම්කො ආයෙම උඹ එක්ක ඇයි හොඳැයිකම් ඕන නෑ කියලා!"

කඩුපුල් (Complete)Where stories live. Discover now