හැට

3.8K 397 30
                                    

දරාගන්න අමාරුම දවස් ගානක් ගෙවුනා. ඒත් හැම කර්ශක සීත කාලෙකට පස්සෙම සුන්දර වසන්ත කාලයක් එන්න ඕනෙමයි.

ඉතින් දන්නවද අද මගේ ජීවිතේ ලස්සනම දවස!
එලියට ආපු ඩොක්ටර් කෙනෙක් සුදර්මා නැන්දා එක්ක කතා කරනවා මට ඇහුනා.
මගේ කොල්ලා ඇහැරිලා!!
මගෙ කොල්ලා ඇහැරිලා දෙයියනේ!
ඒකා ඇහැරිලා!!!!

මේ සතුට මට දරාගන්න බෑ. සතියක් තිස්සෙ අයිසීයූ එකේ දොර දිහා බලාගෙනම ඉඳලා වේලිලා ගල්වෙලා හිරි වැටිලා තිබුන ඇස් වලින් කඳුළු වැල් පෝලිමට ගලාගෙන ගියේ මගෙ එකාගෙ ජීවිතේට තිබුන හැම බාදකයක්ම හෝදලා දාන්න වගේ.
මගෙ කොල්ලා හයියයි.
ඒකා එහෙම ලේසියෙන් පරදින එකෙක් නෙමෙයි.
ඒකා ආයෙත් මං වෙනුවෙන් ආවා.
මගේ රත්තරං මං වෙනුවෙන් මාරයගෙනුත් බේරිලා ආවා!

ඒත්,
ඒත් ඌට තියෙන ඒ හයිය මට නෑ.
මං හැමදාම වගේ අදත් ඌව රිද්දවනවා. ඌව බලන්න ඇතුලට නොයා නොපෙනෙන දෙයියොන්ට උගේ පණ බේරන්න කියලා කන්නලව් කරනවා. මට එන්න ඉඩක් නෑනෙ රත්තරං. කවුරුවත් මට ඉඩ දෙන්නෙ නෑ.

ඒත් මගෙ රත්තරං, මං ලඟ නැති වුනත් මං වෙනුවෙන් ඉක්මනින් සනීප වෙනවා නේද?
මං වෙනුවෙන් බලාගෙන ඉන්නවා නේද?
අපේ කතාව මේ ලෝකෙ අවාසනාවන්තම කතාව වෙන්නැති.
පණ පිටින් ගැහෙන පපුව ගලවලා අනිත් එකාට පූජා කරන්න පුළුවන් තරම් ආදරේ කරලත්, අපිට එකතු වෙන්න ඉඩ නොදී මුළු ලෝකයක්ම අපිව ඈත් කරලා සුනුවිසුනු කරලා දාන්න මග බලාගෙනත් ඇති.

හැබැයි මගෙ රත්තරං,
අපි අපේ කතාව අලුතෙන්ම ලියනවා නේද?
කිසිම කෙනෙකුට කිසිම දේකට කවදාවත්ම වෙන් කරන්න බැරි වෙන විදියට අපිම අපේ කතාව ලියනවා නේද?
මගෙ මැණික ආයෙමත් නැගිටලා මගෙ ලඟට එනකල් මං බලාගෙන ඉන්නවා.
මගෙ අතින් අල්ලගෙන, ඇස් වලට එබිලා පොරොන්දු හෑල්ලක් දිගෑරගෙන මාත් එක්ක කෝලම් කරන කල් බලාගෙන ඉන්නවා.
අවුරුදු සීයක් ගියත් කමක් නෑ.
මං බලාගෙන ඉන්නම්. මගෙ ලඟට එන්න රත්තරං.
මගෙ ජීවිතේ වෙන කිසිම දේකට ඉඩක් නෑ දැන්.

එදා ඉඳන් දවසින් දවස ගෙවුනෙ මගෙ පපුව ඉහිලුම් නැති වෙද්දි. සුදර්මා නැන්දා තුන් වේලම ඇතුලට යන නිසා මට යන්න ලැබෙන්නෙ නෑ මගේ කොල්ලා ලඟට. නැන්දගෙ රැවිලි, ගෙරවිලි, පිප්පිලි කොහොම හරි අමාරුවෙන් ඉවසගෙන ඉන්න මට පුළුවන්.
හැබැයි මෙහෙම මගෙ එකාව එක විනාඩියකට බලන්න ඉඩ නොදෙන එක කොහොමද ඉවසන්නෙ?
එහෙමයි කියලා එයාට යන්න නොදී මට බලෙන් ඇතුලට යන්නත් බෑ.
ඒ මගෙ කොල්ලගෙ අම්මා.
මං ඒකගෙ ජීවිතේම බව අපි දෙන්නම දැනගෙන හිටියත්, ලෝක සම්මතේ හැටියට අපි අපේ කවුරුත් නෙමෙයිනෙ. ඒ නිසා කිසිම කෙනෙක් මං වෙනුවෙන් උගේ ලඟ ඉඩක් වෙන් කරන්නෙ නෑ.
ඉතින් කොයි වෙලාවක හරි හිමාන්ම මාව හොයාගෙන එනකල් මට බලාගෙන ඉන්න වෙනවා.

කඩුපුල් (Complete)Where stories live. Discover now