පනස් නවය

3.7K 390 30
                                    

මට හොස්පිට්ල් එකෙන් ටිකට් කපා ගන්න ලේසි වුනේ නෑ. තව දවස් දෙක තුනක්වත් ඉන්න එක හොඳයි කියන එක තමයි ඩොක්ටර්ස්ලගෙ ඒකමතික තීරණේ වුනේ.
ඒත් මගේ අවාසනාවන්ත ආදර කතාව ගැන නොදන්න කෙනෙක් මේ වෙද්දි මුළු ඉස්පිරිතාලෙම හිටියෙ නැද්ද මන්දා. සැරින් සැරේ පිස්සෙක් වගේ තනියම කියව කියව අඬන, හිමාන්ගෙ නම කෑගහගෙන හීනෙන් ගැස්සිලා ඇහැරෙන තේජාන් වීරවාසලට හැමෝම අනුකම්පා කලා. මං මැරෙයෙක් වෙන්නැති කියලා හිතාගෙන දිට්ටදම්ම වේදනීය කරුමෙ පල දුන්නා කියන එවුනුත් නොහිටියාම නෙමෙයි. ඒත් හුඟාක් මිනිස්සු මං ගැන අවංකවම දුක් වුනා.
මගේ හිත හදන්න මහන්සි වුනා. ඒ වෙනුවෙන්ම ඩොක්ටර්ස්ලා වෙනමම මාත් එක්ක කතා කලා.

අන්තිමේ මගේ අඳෝනාව ඉවරයක් නොවෙන තැන මහා උපදෙස් ගොඩක් එක්ක මට ගෙදර යන්න දුන්නා. ගෙදර කිව්වෙ හිමාන්ට.
මගේ ගෙදර තමයි ඒ.
මං නිවෙන තැන. මං සැනසෙන තැන. මං වෙනුවෙන්ම මැවුන මගේ ආදර විමානය.

ඉතින් රත්තරං මං එනවා!
ආයෙ අපිව වෙන් කරන්න කාටවත්ම බෑ!
කාටවත්ම ඉඩ දෙන්නෙත් නෑ!!

මේ වෙද්දි සුදර්මා නැන්දා හිමාන්ගෙ කලින් අසනීපවල විස්තරත් එක්කම මාතලේ යන ගමන් හිටියෙ. ඒ මනුස්සයත් ඉන්නෙ අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරුව. ඒකා හම්බුනා කියලා සතුටු වෙන්නෙවත් කොහොමද අමාරුවෙන් අයි සී යූ එකක් අස්සෙ දුක් විඳිනවා කිව්වම.

ඒත් රත්තරං මං නම් සතුටින්.
මං දන්නවා මෙච්චර කල් මං වෙනුවෙන් පණ දුන්නා වගේම, මං වෙනුවෙන් පණ බේරගන්නත් උඹට පුළුවන් කියලා.
උඹ මගේ කොල්ලා!
මලක් වගේ අහිංසක, කන්දක් වගේ හයිය මගේ කොල්ලා!

මාත් එක්ක මාතලේ යන්න ආවෙ සොනාලි. වෙන කෙනෙක් නෑ මේ වෙලේ හිමාන් ඉන්න තැන එලි කරලා මාව එතෙන්ට එක්කගෙන යන්න තරම් විශ්වාසවන්ත කෙනෙක්. සොනාලි ගැන වුනත් මට සීයට සීයක් විශ්වාස නෑ තමයි. ඒත් ඉන්න එවුන්ගෙන් විශ්වාස කරන්න පුළුවන් ඒකි විතරයි.
කොහොමත් අද හිමාන් ගැන ඒකිට කියන්න ඕනෙ. මට ඕනෙ නෑ මෙච්චර දෙයක් වුනාට පස්සෙත්, ඒකා ඇස් අරින වෙලාවට ඒකගෙ හිතට දුකක් දෙන්න පුළුවන් පොඩිම දෙයක් හරි ඉතුරු වෙලා තියෙන්න.
මගෙ මැණික, මං උඹව මලක් වගේ බලාගන්නම් අද ඉඳන් හැමදාමත්!

කඩුපුල් (Complete)Where stories live. Discover now