එදා හිමාන්ව දාලා කොළඹ ආපු දවසෙ ඉඳන් මට එක විනාඩියක නිදහසක් ලැබුනෙ නෑ. ගේ අරුන් විනාස කරලා. උන්ට ඕනෙ දේවල් මං ලඟ විතරක් තියාගෙන ඉන්න තරම් මං මෝඩ නෑ. ගිහාන්කාරයා මාව අල්ලලා දුන්න වෙලේ නම් එහෙම තමයි තිබුනෙ. මොකද මං ඇත්තටම අනිත් එවුන් ගාව ඒවා තියන්න කැමති වුනේ නෑ.
එකක් උන් එකෙක්වත් ගැන මට එහෙම ලොකු විශ්වාසයක් නෑ. උන් හොයා ගන්න දේවල් ඕන නම් උන් ලඟම තියාගන්න පුළුවන් තමයි. ඒත් එහෙම කරන්න තරම් වුවමනාවක් කාටවත් තිබුනෙ නෑ. සොනාලියි මායි ඇරෙන්න වෙන එකෙක්වත් එලිපිටම අපේ වැඩ වලට සපෝට් කලේ නෑ. උන්ගෙ ජීවිත සාමාන්‍ය විදියට ගෙවන අතරෙ ඕන වෙලාවට විතරක් අපිට උදව් කලා.
ඉතින් අනිත් හේතුව තමයි උන්ගෙ ආරක්ෂාව. මං වෙන එකෙක්ට අපි හොයාගන්න විස්තර දුන්නා නම් ඒ මනුස්සගෙ ආරක්ශාවත් අනතුරේ. හැමඑකාවම පරිස්සම් කර කර ගහන්න පුළුවන් ගේමක් නෙමෙයි මේක. සාක්ශි හැමදේම කම්ප්ලීට් වෙනකල් පොලීසියට දේවල් බාර දෙන එකත් මෝඩ වැඩක්. අන්තිමේ සාක්ශිත් නෑ. මහන්සියෙ කිසිම ප්රතිපලේකුත් නෑ. තරහාකාරයො වැඩි වෙලා ඊලඟ වැඩක්වත් කරගන්න අමාරු වෙනවා විතරයි.
කම්ප්ලීට් කරපු වැඩක් වුනත් එහෙම ආවට ගියාට බාර දෙන්න බෑ ඉතින්. පොලීසියෙ එවුන් ගැනත් වෙනම ස්ටඩී කරන්න ඕනෙ. මොකද සල්ලි වෙනුවෙන් ආත්මෙම විකුණන්න බලාගෙන ඉන්න එවුන් තමයි වැඩිම. ඉතින් හොයලා බලලා හිතට සැටිස් වෙන එකෙක් නැත්තම් මං හොයාගත්තු දේවල් එලියට දුන්නෙ නෑ. විශ්වාස කරන්න පුළුවන් කියලා හිතෙන එකෙක් සෙට් වෙනකල් කොච්චර කල් හරි මං බලාගෙන හිටියා. ඒකෙන් අපිට තියෙන තර්ජන බලපෑම් තවත් වැඩි වුනා. මොකද හොයා ගත්ත දේවල් හරි විදියට ප්‍රොසෙස් කරන්න කල් යන්න යන්න උන් අපිට ඇටෑක් කරනවා වැඩියි.
ඉතින් ඒ නිසාම මං ලඟම තමයි හැමදේම තිබුනෙ. ගිහාන් ඔය හැමදේම අරුන් එක්ක කියලා තිබුනා. ඒකයි උන් ගෙවල්වලට පවා කඩා වදින තරමට පිස්සු නටන්න පටන් ගත්තෙ.
මුන් ටික කුඩු සෙට් එකක්. හැබැයි දේශපාලන හයිය තියෙන. ඒ නිසා මගේ මහන්සිය අපතේ යන්න තියෙන ඉඩ සෑහෙන්නම වැඩියි. එහෙමයි කියලා මෙච්චර කල් මං වැඩක් නවත්තලා නෑ. හරියයිද වැරදෙයිද බලන්නත් වැඩේ කරන්න එපැයි. කලින් අල්ලපු එව්වොත් ඇතුලට යනවා කියලා ගියාට මාසෙන් දෙකෙන් එලියෙ. ඊලඟට උනුත් සෙට් වෙනවා මට ගේම දෙන්න.
කාලෙ ගත වෙන්න ගත වෙන්න මේ වැඩේ අමාරු වෙනවා. මට තියෙන ප්‍රශ්න වැඩි වෙනවා.
ඒ නිසාමද මන්දා මේක කරන එකෙන් අමුතුම කික් එකකුත් එනවා.
VOCÊ ESTÁ LENDO
කඩුපුල් (Complete)
Ficção Geralමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?