මට මේ මනුස්සයව ඇත්තටම තේරෙන්නෙ නෑ. තේජාන් කියන්නෙ අර multiple personality disorder කියන ලෙඩේ තියෙන හාදයෙක්වත්ද?
නැත්තම් මූට සැරින් සැරේට මොකෙක් හරි භූතයෙක් වගේ එකෙක් ආවේශ වෙනවද?ඇයි දෙයියනේ හිටි ගමන් මෙහෙම අමුතු අමුතු කතා කියලා මාව හීන ලෝකවල අතාරින්නෙ මේ මිනිහා. එකාතකට ඒ මිනිහා අතරමං කරවන මගුලක් නෑ. මමනෙ මේ එක වචනෙකටත් එල්ලීගෙන සුරංගනා කතා මවන්නෙ!
ඒත් ඔතින් දැන් මේ කියන්නෙ මොනාද හැබෑට? මේකා මට කොලුකාරයෙක්, ඇඟේ එල්ලෙන්න ආවා කියලා බිම පෙරලගෙන කෑගැහුවා. පාරෙ බිම දිගේ මාව ඇදගෙන ආවා. මට පේන්නම අර අම්මන්ඩියෙක්ගෙ කට කන ගමන් පස්සයි, කුක්කුයි සේරම මිරිකුවා.
ඊයා!!!
මට මතක් වෙද්දිත් මේකව මරලා, හමගහලා, කෑලි කපලා, මූදට දාන්න පුළුවන්.
කැ# ප#!!!එදා බත් පිඟාන පොලවෙ ගැහුවා.
මේ හැමදේම කරලත්, තාම උගේ ලඟ ඉඳන් පස්ස හෝදගන්න එකටත් උදව් කරන මං ඌව පිට එකෙක් ගානට දැම්මලු.
ඒ සේරම කරපු ඌ මං ගැන හිතනවලු. මාව පරිස්සම් කරනවලු.
මේවා ඇහෙද්දි තමයි මට isis එකට බැඳිලා මූවත් මරාගෙන මටත් මැරෙන්න හිතෙන්නෙ.
කවුරුහරි අහගෙන හිටියොත් එහෙම හිතයි මූ මාරම සත්‍ය ප්‍රේම බෘංග රාජයෙක් කියලා.
ඒතරම් මාර ආදරයක්නෙ මුගේ මට තියෙන්නෙ.
ඒක මාරම විදියට ක්‍රියාවෙනුත් ඔප්පු කරන එකානෙ මූ!"මේ තේජාන්, ඔය ඇඬියාව තියාගන්නවා ඕයි තමුසෙගෙ අර හෝන්තු වේ#ට.
මං ආශ්‍රය කරන එවුන් ගැන තමුසෙ මෙච්චරකල් හෙව්වද?
අඩුගානෙ මං ඉස්පිරිතාලෙ වැටිලා ඉද්දි එක දවසක් බලන්න ආවද? එදා මට උදව්වට හිටියෙ ඌ යකෝ!
වෙන මොකෙකවත් මං ලඟ හිටියෙ නෑ!
අනික මංද යකෝ උඹව පිට එකෙක් කලේ? උඹ නෙමේද මට අසහනකාරයා, තොගෙ ඇඟේ එල්ලෙන්න ආවා කිව්වෙ?
අතට ගෙනත් දීපු බත් පත පොලේ ගහලා කුඩු කරේ?
තෝ එච්චර හරියක් කරලත් මම නෙමේද යකෝ උඹේ ලඟට උඹට ඕනෙ වුන හැමවෙලාවකම හිටියෙ?
කියපං මිනිහො! කියපං!!!"ඇත්තටම මට මොනවා වුනාද කියලා මමවත් දන්නෑ. මං තේජාන්ගෙ ටී ශර්ට් කරෙන් අල්ලගෙන කෑගැහුවෙ වියරුවෙන්.
මුලිම්ම ඇත්තටම එයා මං ගැන හොයලා බලන එක ගැන සතුටක් දැනුනත්, එකපාරටම කොහෙන්දෝ මන්දා ඉවසන්න බැරි තරම් තරහක් දැනෙන්න ගත්තා. ඇත්තටම තේජාන්ගෙ බෙල්ල මිරිකන්න තරම් මට හිතුනා.
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?