විසි දෙක

3K 426 22
                                    

මට මුලිම්ම දැනුනෙ මාරම අපහසුවක්. ඒ කියන්නෙ අර නිදාගෙන ඉද්දි අපිට ඕන පැත්තට හැරෙන්න පෙරලෙන්න බැරුව හිර වුනාම දැනෙන්නෙ. ඒ වගේ දෙයක්. ඇඟම හිරි වැටිලා වගේ. අත පය වල ගල් ගෙඩි එල්ලලාද මන්දා.
ඒ මදිවට පුදුම රස්නයක්. දාඩියටම මාව පෙඟිලා ගිහින්ද කොහෙදෝ.
ඇස් ඇරෙද්දි හිතට දැනුන එකම හැඟීම මේ මොන මල කරුමයක්ද කියන එක විතරයි.

ඊට පස්සෙ තමයි මට මං ඉන්න තත්වෙ පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න ගත්තෙ. මුලිම්ම දැක්කෙ තැනින් තැන පුස් කාපු සිවිලිමක්. මහ එපාම කරපු මූසල ගඳක් වගේ එකකුත් ආවා. ලොකු සද්ද බද්ද නැති තැනක් කොහොම වුනත්.
වටපිට බලද්දි තමයි තේරුනේ මං ඉන්නෙ ඉස්පිරිතාලෙක කියලා.

එහෙම්මම මට කලින් දේවල් ඔක්කොම මතක් වේගෙන ආවා. තේජාන්! එයාගෙ කෙල්ල! එයාලගෙ කිස් එක! පාරෙ වාහන! චරබරාස් සද්දෙත් එක්ක මං ඇදගෙන වැටෙනවා!
ඔක්කොම එක දිගට මැවෙන්න ගත්තෙ ඔලුව කැක්කුමකුත් එක්කමයි. ඒ කියන්නෙ මං මැරිලා නෑ. කවුරුහරි මාව හොස්පිට්ල් එක්කං ඇවිත්. කරපු පව් ගෙවිලා ඉවර නෑ වගේ!

අන්තිමේ කොහොම හරි මං ඉස්පිරිතාලෙ ඇඳක් උඩ අබ්බගාතයෙක් වගේ වැටිලා ඉන්නවා. කකුල් දෙකේම තඩි ප්ලාස්ටර්. ඒකයි මේ හැරෙන්න පෙරලෙන්න බැරි.
මගෙ වටේටම හිටියෙ එක එක තුවාල කාරයො. සමහරුන්ගෙ ප්ලාස්ට'ස් නම් ගනකම සුදු පාට ඒවා. ඒවා දාන්නෙ අත් කකුල් කැඩුනම මං හිතන්නෙ.
වෙලාවට මගේ ඒවා නම් අර ක්‍රීම් පාට වගේ ඒවා.
ඒ කියන්නෙ ඇටයක් කැඩිලා නැතුවැති.
ඒකත් ලොකු දෙයක්!

හුඟක් අය ලඟ තනියට කවුරුහරි හිටියට මගේ ලඟ නම් කවුරුත්ම නෑ වගේ. ඔව්, ඉතින් කවුරු කියලා එන්නද? ඒත් ඇන්ටිලාට නම් පණිවිඩේ දෙන්න වෙනවා. එයාලා බය වෙයි නැත්තම්. අන්තිමේ අම්මවත් බය කරලා එකම කාලගෝට්ටියක් වෙලා තමා නවතින්නෙ. හැබැයි වැඩේ කියන්නෙ මගේ ෆෝන් එක පේන්න නෑ. වටේ පිටේ අඳුරන කෙනෙක් පේන්නත් නෑ. ඉන්න කෙනෙකුගෙන් ෆෝන් එක ඉල්ලගත්තත් අම්මගෙ ඇරෙන්න වෙන කාගෙවත් නම්බර්ස් මතකත් නෑ.
එහෙමයි කියලා අම්මට ගහෙන් ගෙඩි එන්නා වගේ කතා කරලා බය කරන්නත් බෑ. අනේ මන්දා, දැන් මොකද මං කරන්නෙ.

කඩුපුල් (Complete)Where stories live. Discover now