"අහ්?"
මං එහෙම්ම නැවතිලා එයා දිහා බැලුවා."තමුසෙ ඌව දන්නවද?"
"ඔව්, ඒ අශේන් අයියා.
මං ඇක්සිඩන්ට් වෙච්ච වෙලේ උදව් කරපු මනුස්සයව මං නොදැන ඉන්න විදියක් නෑනෙ.
ඒත් ඉතින් ඔයාටත් එදා හොස්පිට්ල් එකේදි එයාව හම්බුනානෙ මගේ ටිකට් කපපු දවසෙ.
ඇයි ඉතින් දැන දැනම අහන්නෙ?"තේජාන් එහෙම අශේන් ගැන හාර හාර අහද්දි මට සතුටු හිතුන්නෑ කිව්වොත් බොරු ඉතින්.
සත්ය ප්රේම බෘංග රාජ ක්රශ් එක අපි ගැන මොන විදියකට හරි උනන්දුවක් පෙන්නනව නම් ඊට වඩා දෙයක් කොහේද තියෙන්නෙ?
දැන් නම් ඇත්තටම පොසෙසිව් බෝයි ෆ්රෙන්ඩ්කෙනෙක් වගේද මන්දා එයාගෙ හැසිරීම. මං නම් කැමතියි.
හී... හී...
ඔහොම ඔහොම ගිහින් මං අල්ලගන්නම්කො තේජාන් ඔයාව!ඒත් ඉතින් ටිකක් ගැම්මෙන් ඉන්න ඕන. මෙයාගෙ මත්තෙම නැහෙනවා කියලා තේරුනාම තමයි පාට් දාන්න එන්නෙ ගෝරිල්ලෙක් වගේ.
අනේ ඉතින් ගෝරිල්ලා වුනත් මගේනෙ."ඔව්, මං දන්නවා තමයි.
දන්න නිසා තමයි අහන්නෙ තමුංව හප්පපු එකා එක්ක මොකටද ඇයි හොඳැයියක් කියලා.
තමුසෙට ඇත්තටම මොලයක් නැද්ද ඕයි!
ඒකා මොන මගුලකට තමුසෙ වටේ කරකැවෙනවද කියලා දන්නවද?"ඔන්න ආයෙම පටන් ගත්තා චර බරේ.
මේක සක්කිලි පඩි ගත්තට එහා දෙයියනේ. මගෙ කන් දෙකත් කීං ගානවා. අර කලින් හුලං බැහැලා හිටපු රිලා මොටා කොහේ ගියාද මන්දා.
ඒකයි කියන්නෙ ඉතින් කාට වුනත් වැඩිපුර හොඳ කරන්න ගියාම ඔලුවට උසින් පිනුමුත් ගහලා තමයි නවතින්නෙ කියලා."අශේන් අයියා මගෙ යාළුවෙක්.
එයා තමයි කවුරුත් නැති වෙලේ මට උදව් කලේ. මට පාළු නැතිවෙන්න ගෙදර ඇවිත් මා එක්ක කතාබහ කලේ. දැනට වුනත් මං ගැන සැරින් සැරේ හොයලා බලන්නෙ එයා.
එදා වැරැද්ද වුනේ මගේ අතින්. මං තමයි දෙපැත්ත නොබලා පාර පැන්නෙ. ඒකයි එයාලගෙ වාහනේට හැප්පුනේ. ඒක එයාගෙ වරදක් නෙමෙයිනෙ.""තමුසෙ වගේ කං හැන්දක් තරම්වත් මොලයක් නැති එකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ ඕයි.
මගේ වචන නිකම් නාස්ති වෙලා යනවා විතරයි."
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?