මං ඉන්නෙ අව්ල් ජාලාවක. ඔව්, මට ඇත්තටම තේරෙන්නෑ මට මේ මොකද වෙන්නෙ කියලා. මෙහෙම නෙමේ මං කොල්ලොත් එක්ක ඉඳලා තියෙන්නෙ.
මං ගියෙත් boy's school එකකට. හිටිය ඔක්කොම යාළුවො කොල්ලො. උන්ගෙ ගෙවල් වල ගිහින් ඇඟවල් වල එලීගෙන, බදාගෙන, කිස් කරගෙන කොටිම්ම ජොකා පවා මාරු කරගෙන ඉඳලා තියෙනවා මං.
ඒත් කවදාකවත් මෙහෙම විලම්බීත නම් හිතිලා නෑ.ඉස්කෝලෙ යද්දි කෙල්ලොන්ට විහිළු කලා. ලස්සන එවුන්ගෙ පස්සෙන් ගියා. මාස දෙක තුනේ affairs තිබුනා. ඒත් ජීවිතේට මෙහෙම හිත පිස්සු නටලා නෑ.
ඇත්තටම තේජාන් කවුද? ඇයි මට මෙහෙම වෙන්නෙ? එයාට මං ආදරෙයි කියන එක තමයි මට දැනට හිතාගන්න පුළුවන් එකම දේ. ඒක අපි යාළුවෙකුට ආදරේ වෙන විදිය නෙමෙයි. එයා මගේ හිත වගේම මගේ ඇඟත් මොකද්දෝ මායාවකින් එයාගෙම කරගන්නවා. වෙන කිසිම දෙයක් හිතන්නවත්, කරන්නවත් බැරි වෙන්න මාව එයාගෙ ලඟටම ඇදගන්නවා. හැබැයි ඒ හැමදේම කලාට, එයාට නම් ඒකෙන් අංශු මාත්රයකවත් බලපෑමක් නෑ.
ඉතින් ඇයි මට විතරක් මෙහෙම වෙන්නෙ?මේක හරි යන්නෙ නෑ. මං ඒක සක්සුදක් සේ දන්නවා. අපේ අම්මාවත්, චිත්රා ඇන්ටිලාවත් හීනෙකින්වත් මේවා වෙන්න දෙන්නෙ නෑ. එයාලව පැත්තකින් තිබ්බත් තේජාන්! එයා වුනත් පිරිමින්ට ආකර්ෂණය වෙනවා වෙන්න විදියක් නෑ.
මට මතකයි ඉස්සර ඉස්කෝලෙ හිටියා කොල්ලො couple එකක්. අපිට අවුරුද්දක් බාලයි උන් දෙන්නා. හැම තැනම හිටියෙ වෙලීගෙන ගැරඬි දෙන්නා වගේ.
ඉස්සර උන්ට නෝන්ඩි කරන එකයි කොන් කරන එකයි ඇරෙන්න වෙන විනෝදාංශයක් අපිට තිබුන්නෑ. අපේ කතා ඉවසගන්න බැරුව එකෙක් අඬනවත් එක්ක.
අනිකා නම් ගල්කටස්. ඌ නම් දෙතුන් පාරක් වලිත් දාගත්තා. ඒත් මුලු ඉස්කෝලයක් එක්ක ඌ කොහොම හැප්පෙන්නද? අන්තිමේ උන් ඩබල කොන් වෙලා පැත්තකට වෙලාම හිටියා. දැන් ආපහු හැරිලා බල්ද්දි මට තේරෙනවා. අපි කොලු කමට උනත් කලේ සමාව දෙන්න බැරි වැරැද්දක්. හිතට ඇතිවෙන හැඟීම් දැල් දාලා නවත්තන්නද? විශේශයෙන් ආදරේ!ඔව්, කෙනෙකුට කියන්න පුළුවන් හිතට එන හැමදේම කරන්න මිනිස්සුන්ට බෑ. හිත පාලනය කරගන්න දැනගන්න ඕනෙ කියලා. ඒත් ඉතින් කරන දේවල් අමාරුවෙන් පාලනය කරගත්තත් රහත් නොවුනු අපි කාටවත් හිතේ හැඟීම් වෙනස් කරන්න බෑ නේද?
ඒ හැඟීම් බෙදාගන්න අනිත් කෙනත් ලෑස්තියි නම් ඒකෙන් වෙන කාටවත් වරදක් වෙන්න විදියකුත් නෑ නේද? බහුතරයක් එක ක්රමේකට සතුටු වුනා කියලා හැමෝම ඒ ක්රමේටම සතුටු වෙන්න ඕන කියලා නීතියක් නෑනෙ. ඉතින් ඇත්තටම ඇයි මේ අමුතු මත?
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?