ඒක පුදුම වේදනාවක්!
චූටි හීනි බ්ලේඩ් තලේකින් ඇඟේ නහරයක් නහරයක් ගානෙ කපලා අයින් කරනවා වගේ වේදනාවක්!!
ඒත් මං කාටද කියන්නෙ? කොහොමද මේ ඉවරයක් නැතුව රිද්දන තුවාල මකාගන්නෙ???
පේන මානෙක ඒ ගැන බලාපොරොත්තුවක් නෑ.
ලේ ගලාගෙන ගලාගෙන ගිහිල්ලම මාව හිරි වැටිලා කිසිම දෙයක් නොදැනීම යන්න කියලා ප්‍රාර්ථනා කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ!අඩුම ගානෙ තේජාන් ඒ කෙල්ලව පැත්තකට කරයි,
"පිස්සුද ගෑණියෙ?" කියලා බනියි කියලා මං බලාපොරොත්තු වුනා.
කට්ටිය ඉස්සරහම හොඳ ඩෝස් එකක් දීලා එලවලා දානකල් බලාගෙන හිටියා.
එහෙම වෙන්න තියෙන ඉඩකඩ, සීයට දශම ගානකටත් අඩු බව දැන දැනත් මං මෝඩයෙක් වගේ මග බැලුවා.ඒත් තේජ් ඒ කෙල්ල දිහා බැලුවෙ හිනා වෙවී. මට ඇස් පිය ගහන්නත් අමතක වුනා. මගෙ දිහා බලාගෙන කටකොනින් දෙන නෝන්ඩි හිනාව නෙමෙයි ඒක. ඒක ඇත්තම හිනාවක්. හිනාවෙද්දි එයාගෙ ඇස් හීනි වෙලා මං කලින් කවමදාවක් නොදැකපු නලදතක් යාන්තමට පෙනුනා.
ඇත්තටම තේජ්ට තිබුනෙ ලස්සනයි කියන්න පුළුවන් පෙනුමක්ම නෙමෙයි. ඒත් මොක්ද්දෝ අමුතු පිරිමිකමක්, ආකර්ෂණයක් එයා ලඟ තිබුනා.
ගානට උස මහත ඇඟ, තලෙළු හම, ඇවිස්සුනු කොණ්ඩෙ, හීනි ඇස් එක්ක ගනකම ඇහි බැමි, දකුණු කනේ මැග්නට් කරාබුව, වම් උරිස්සෙන් පහලට එබීගෙන ඉන්න එන දත් විලිස්සගත්තු වෘකයෙකුගෙ ටැටූ එක, මේවා ඔක්කොම එයාට දුන්නෙ මහ දරදඬු ඒත් වෙනස්ම විදියක ආකර්ෂණයක්. මෙහෙම කියනකොට රස්තියාදුකාරයෙක් වගේ කියලා හිතුනට, ඇත්තටම එයාව දැක්කම මට නම් එහෙම හිතිලා නෑ. එයාව දැක්කහම මට මතක් වෙන්නෙම නහයට නාහන දඩබ්බර කුමාරයෙක්. රජකමට හැම සුදුසුකමක්ම තියෙන ඔටුන්න හිමි කුමාරයෙක්.අනේ මන්දා මට පිස්සු, මගේ මොලේ දැන් වැඩ කරනවා අඩුයි. ඒත් ඇත්තටම මං එයාගෙ වගේ පෞරුශයක් තියෙන වෙන කෙනෙක්ව නම් දැකලා නෑ.කොහොම වුනත් අර කෙල්ල එක්ක එයා හිනා වෙද්දි ඒ මූණෙ තිබුනෙ පුදුම ලස්සනක්. ඇකිලිලා බුම්මගෙන හිටපු ආඩම්බරකාර පොහොට්ටුවක්, එක සැරේටම පෙති විහිදුවා වගේ. ඒ හිනාවට පුළුවන් ලෝකයක් එලිය කරන්න වුනත්. හැබැයි ඒ හිනාව කවමදාකවත් මට අයිති නෑ.
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?