හතලිස් හය

2.8K 392 43
                                    

මං එහෙම්ම ආවෙ ගෙදර. තේජාන් ජනේලෙන් මං යනවා බලාගෙන හිටියා. අනේ! ඉතින් මෝඩ පැටියා.
මං අපලෙට බයේ මිනිහව දාලා යනවා කියලා හිතාගෙන ඇත්තෙ. කමක්නෑ මහසෝනා වගේ මට දීපු ගින්දරවල හැටියට ඔහොම හිතාගෙන ටිකක් හිටපුවාවෙ.

මට ඇත්තටම ඕනෙ වුනේ තනි වෙලා කල්පනා කරන්න. අද දවසෙ සිද්ද වුනා ජීවිත කාලෙකම විතර දේවල්. මහරගම යන්න බස් හෝල්ට් එකේ හිටියෙ අද උදේ නෙමේ ගිය ආත්මෙ කියලා මට හිතෙන්නෙ. ඊට පස්සෙ කොච්චර දේවල් වුනාද?

තේජාන් එතෙන්ට ආවා.
යකා වෙලා කෑගැහුවා.
මගේ පු#ට බෝම්බ ගැහුවා 🙈
පණ යනකල් ආදරෙයි කිව්වා.
පිස්සෙක් වගේ විකාර කියෙව්වා.
මාව බදාගෙන අඬන්න ගත්තා.
අපල කතාවක් එක්ක අම්මලගෙ හොර වැඩ ටික එලි කලා.
බුදු අම්මෝ! පොතක් ලියන්න තිබුනා මේ ටික එකතු කරලා.

දැන් ඇත්තටම මට දැනෙන්නෙ ගම හරහා මැරතන් එකක් දිව්වා වගේ. තේජාන් හම්බුනාට පස්සෙ එන්න එන්නම මොලේ වල පල්ලට ගිහින් දැන් ඉතුරු වෙලා තියෙන්නෙ දශම ගානද කොහෙදෝ. ඉතින් මෙහෙම එක දිගට වෙඩි වගේ දේවල් වෙද්දි ඒක ස්ටක් වෙලා යනවා. හොඳ නින්දක් දැම්මා නම් හරි යයි සමහරවිට.

ඉතින් මං මහදවාලෙ රෙද්දකුත් පෙරවගෙන හොඳ සැපට නිදාගත්තා. ලෙඩේ ගැන හිත හිත මැරෙන්න වැටිලා හිටපු මටත් මරු වැඩේ වුනේ හැබෑට. ඊයෙ ගල් පිලිමෙ වෙලා හිටිය එකාගෙ කෑලිත් නෑ දැන්.

"හිමාන්! හිමාන්!!
කොල්ලො!
නැගිටපං!!"
හයියෝ ලස්සන කෙල්ලෙකුට ටෝක් කරන්න යද්දිම කැඩුවනෙ මගේ හීන ලෝකෙ.

"මොකද්ද අම්මා!
මේ හීනෙ බලලා ඉවර වෙන්න දෙන්නකො අප්පා!!"

"අනේ! උඹේ ඔය නාඩගං නැතුව මේ තේ එක බීලා හිටපං. දවල්ටවත් කාලද? දැන් වෙලාව හයත් පහුවෙලා."

අම්මෝ!
මං එච්චර වෙලා නිදාගෙනද?
ගෙදර ආවෙ එකට විතරනෙ! අම්මත් මං ආපු නිසා ගෙදර ඇවිත් වගේ.

මං ඔළුවත් කහ කහ තේක බොන ගමන් ආයෙම කල්පනාවට වැටුනා. හරි නම් අම්මට පොඩි ඩෝස් එකක් දෙන්න ඕනෙ මේ කරපු වැඩේට. ඇයි දෙයියනේ මාව වැඩකාරකමට යවනවා වෙන්නැති කියලා හිතාගෙන මං අර උන්දැලගෙ රෙදි හේදුවා. ටොයිලට් පවා සුද්ද කරා. රෑ තිස්සෙ අර බකමූණා එනකල් ඇහැරගෙන ඉඳලා, පාන්දරම නැගිටලා බතුත් තැම්බුවා. අම්මට පොඩ්ඩක් තිබුනනෙ වෙන්නෙ මොකද්ද කියලා හරියටම කියන්න! එහෙනම් මං එහෙදි කුමාරයා වගේ ඉන්නවනෙ!

කඩුපුල් (Complete)Where stories live. Discover now