මට ඇහැරුනා. ඒ එක්කම දැනුනෙ පුදුම ඔළුවෙ කැක්කුමක්. ඔළුව උස්සගන්නම බෑ. අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි තමයි මං ඉන්න වටපිටාව ගැන මට තේරෙන්න ගත්තෙ.
අර ෆිල්ම් වල වගේ කළුවර කාමරයක් නම් නෙමෙයි හැබැයි. ඒත් පුස් ගඳ ගහන ටිකක් අඳුරට හුරු කාමරයක්.
මං හිටියෙ ඇඳක් උඩ. ඇත්තටම නම් ඇඳ උඩ තිබුනු කළු ගැහිච්ච මෙට්ටයක් උඩ. ඒකට බෙඩ් ශීට් එකක්වත් දාලා නෑ.
මටත් පිස්සු ඉතින්, ගහලා බලෙන් අල්ල ගත්තු මිනිහෙකුට බෙඩ් ශීටුත් දාගෙන සලකයි කියලයැ මොකෝ!ඇත්තටම මොකද වුනේ?
මං අමාරුවෙන් වුනත් කල්පනා කරන්න බැලුවා. ඒත් බෑ දෙයියනේ!
ඔළුව පැලෙන්න වගේ. ඔන්නොහෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා එක්කො. එහෙම ඉන්නවත් මුං මට කන්න දෙයිද?
මාව දම්වැල් වලින් බැඳලා දාලා නම් නෑ හැබැයි. එහෙම මරන්න, වද දෙන්න වගේ අදහසක් නෑ වෙන්නැති නේද?ඇත්තටම ඇයි මෙහෙම මාව අල්ලගත්තෙ? හිතාගන්න බෑ ඉතින්. හිතන්න ගත්තු ගමන් ඔළුව පැලෙන්න වගේ. ඒ කිව්වෙ අර සංකීර්ණ විදියට හිතන්න ඕන දේවල්. ඔහේ ආතක් පාතක් නැති මගුල් නම් ඕන වෙලාවක රෙඩිමේඩ් පිට හිතතැහැකි.
මේ තියෙන කැපෑසිටි එකට අනුව මොලේට එන්නෙ අයිඩියාස් දෙකයි.
එක්කො මේ කෙල්ල මොකක් හරි කල්ලියක එකියක්. උන්ගෙ ඔත්තු බලන්න ආවා කියලා මාව ඇල්ලුවා.
ඒත්, එහෙනම් ගහන්න, වද දෙන්නවත් එපැයි.එහෙම කලේ නෑ කියන්නෙ ඉතින් තේජාන්ට සම්බන්ද දෙයක් වෙන්න ඕන. මං තේජාන් ලඟ ඉන්න නිසා මගෙන් මොනවා හරි දැනගන්න වගේ වෙන්න පුළුවන් අල්ලගත්තෙ.
ඒත් ඉතින් මමනෙ මෙතෙන්ට ආවෙ. මුං මාව හොයාගෙන ආවෙ නෑනෙ.ඇත්තටම හිතාගන්න බෑ මේ දේවල්වල් තේරුමක්! කමක් නෑ ඔහේ ඉඳලම බලමුකො. මං දැන් අහස පොළොව ගැටගන්න හෙව්වත්, ඒකෙන් වැඩක් නෑනෙ. ඉස්සරහට වෙන දේවල් කොහොමත් වෙනවා.
ඉතින් මං බලාගෙන හිටියා. කාමරේ ඇතුලෙ තියෙන ලා එලියෙ හැටියට දැන් රෑ වේගෙන වගේ එන්නෙ. වෙලාව බලන්න කියලා ෆෝන් එක හොයද්දි ඒකත් නෑ. ඔව් ඉතින් පැහැරගත්තු එකාගෙ ලඟ ෆෝන් තියන්නෙ මොන මෝඩයද? දැන් අරහෙ ගෙදර මිනිස්සු මාව හොයනවා ඇති. තේජාන් නම් හිතන් ඇත්තෙ මං තරහටම කොහේහරි ගිහින් කියලා. කොහේ කියලා හොයන්නද ඉතින් මාව. තේජාන් මුන් ගැන දන්නවද දන්නෑ. විශේෂයෙන් අර එයාගෙ නල්ලමලේ බඩ්ඩ ගැන. ඒකි මූව අල්ලගෙන නටෝනවද කොහෙද? මැරයෙක්නෙ බලාගෙන ගියාම. අර අනික් එකාටත් හොඳට සැප දෙනවා වගේ. තවත් කීයක් එක්ක ඉන්නවද දන්නෑ. එහෙම එවුන් තමයි කාට කාටත් හොඳ ඒකනෙ වැඩේ.
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?