පනහ

2.6K 335 25
                                    

තේජාන් එකපාරටම ගැස්සුනා. මගේ ඇඟ පුරා පිස්සුවෙන් වගේ එහා මෙහා ගිය එයාගෙ අත් නැවතුනා. අඩවන් වෙලා ගිය ඇස් තද කරලා පියාගෙන ලස්සනට අඹපු රත්තරං පිළිමයක් වගේ එයා ඔහේ ඇඳ උඩ වැතිරුනා.
එයාගෙ උකුල උඩින් වාඩි වෙලා මම බලාගෙන හිටියා.

ටිකෙන් ටික මගේ ඇස් වල පිරිලා කඳුළු බොඳ වුනා. උගුර ඇතුලෙන් රිදීගෙන ගිහින් හුස්ම නැවතුනා වගේ දැනුනා. අනන්තයක් දුර ඈත තව්තිසාවක් තියා, එයාගෙ සුවඳ දෙන එකම එක හුස්ම පොදක්වත් එහෙනම් අන්තිමේ මට නැතුව ගියා.

ඒත් තේජාන්,
මට කොච්චර රිදුනත් ඔයාගෙ තීරණේ ඕක නම් මං ඔයාට බලපෑම් කරන්නෑ රත්තරං. ආදරේ කියන්නෙ අයිති කරගන්න එකට නෙමෙයි. ආදරේ කියන්නෙ තේරුම් ගන්න එකට. ඔයාගෙ පැත්තෙන් ඔයාට කතාවක් ඇති. ඒ කතාවට මං ගරු කරනවා. ඔයා ගන්න ඕනෙම තීරණයක් මං පිලිගන්නවා. මේ ගන්න තීරණේ නිසා මට රිදෙන තරම්, ඔයාට රිදෙන්නෙ නැත්තම් මට ඒ හොඳටෝම ඇති!

හෙමීට පාත් වෙලා එයාගෙ නලලට තොල් දෙක තද කරගෙන මං ලොකුම ලොකු හුස්මක් ඇදලා ගත්තෙ මැරෙන මොහොත වෙනකල්ම ඒ සුවඳ මතක තියාගන්න.

"මං ආදරෙයි තේජාන්!
දුක් වෙන්න එපා. මට තේරෙනවා!"
මං රහසින් එයාට කොඳුරලා හෙමීට ඒ උකුල උඩින් අයින් වුනා.

ඒත් ඊලඟට දේවල් සිද්ද වුනේ විදුලි වේගෙන්. එකපාරටම මගේ ඉනෙන් ඇදලා ඇඳට පෙරල ගත්ත තේජාන් ආයෙමත් මගේ තොල් අල්ලගත්තෙ පිස්සුවෙන් වගේ.

"ඔව්, මං පොරොන්දු වෙනවා!"

උගුරෙන් වගේ මගේ කනට කොඳුරන ගමන් එයාගෙ ඇඟිලි මගේ ඇඟ ඇතුලෙ වේගෙන් එහා මෙහා ගියා. ආයෙමත් තව්තිසාවක දොරවල් ඇරීගෙන නිමක් නැති කෙඳිරිලි මැද්දෙන් අපි හීන ලෝකෙක අතරමං වුනා. මගේ ඇඟ ඇතුලෙ ආදරේ වෑස්සෙන්න එයා වේගෙන් එහා මෙහා වෙද්දි, එකම රිද්මෙකට අපි දෙන්නා අපේම ලෝකෙක නැලවුනා. ඉතින් ඔව්! ඒ පොරොන්දුවට මුද්‍රා වැටෙන්න ගියේ විනාඩි ගානක් විතරයි. ආදරෙන් නෑවිලා අපි දෙන්නා දිලිසෙන ඇස් වලින් අපි දිහාම බලාගෙන හිටියා. ජීවිතේ ලස්සනයි! ඔව් ජීවිතේ ලස්සනම ලස්සනයි!!

ඉතින් එදා වගේම තේජාන් එහෙම්ම තුරුල් වෙලා මගෙ බෙල්ල අස්සෙන් එයාගෙ ඔළුව ගහගත්තා. මගේ ඇඟිලි වලින් එයාගෙ මුළු ඇඟම ආදරෙන් පිරිමදින ගමන් හිටපු මං එකපාරටම එයාව එහාට තල්ලු කරලා දැම්මෙ එයා පුදුම වෙලා මගේ දිහා බලද්දි.

කඩුපුල් (Complete)Donde viven las historias. Descúbrelo ahora