එදයින් පස්සෙ දවස් ගලාගෙන ගියේ මහ එපාම කරපු විදියට.
අම්මගෙ චරබරේ ඉවරයක් නෑ."උඹට පිස්සුද හැබෑටම මහ රෑ ජාමෙ අර මනුස්සගෙ අස්සෙ රිංගගෙන ඉන්න?
පිට මනුස්සයෙක්වත් දැක්කා නම් මොනවා නොහිතයිද?""මේක මාර වැඩක්නෙ අම්මෙ!
කවුරු මොනවා හිතුවත් මට මොකද?"
මාත් ඉතින් අතෑරියෙ නෑ."ඔව්, ඔව්, උඹට ප්‍රශ්නයක් නෑ.
මෙතන ගමේ ඉන්න නැතුව, කතා අහගන්න වෙන්නෙ උඹට නෙමෙයි මටනෙ.
පුළුවන් නම් මට පාරක බැහැලා යන්නත් නැති කරපන්""ඉතින් අම්මෙ මනුස්සයෙක් එක්ක කතා කලා කියලා පාරෙ බැහැලා යන්න බැරි වෙනවා නම් දැන් මේ රටේ කාටවත්ම පාරෙ යන්න එන්න බෑනෙ"
"මේ හිමාන්! මං උඹේ අම්මා!!
මගේ මේ කෙස් පැහුනෙ අකලට නෙමේ. සේරම දමලා ගහලා පිස්සෙක් වගේ අඬාගෙන අර කොල්ලව බලාගන්න කියලා ගියේ මොකක් නිසාද කියලා මං නොදන්නවා කියලා හිතන්නෙපා.
අනික බලපං කණ්නාඩියකින් උඹේ මූණෙ හැටි!
තොල් දෙක ඔහොම රතු පාටට ඉදිමිලා, තුවාල වෙලා තියෙන්නෙ වැටිලා මූණ බිම ඇනගෙන වෙන්නැති නේද?"අම්මටත් ඕනැති දෙයක් නෑ ඇත්තටම!
"අම්මට පිස්සු!
මේ ඊයෙ කරවල කට්ටක් සූප්පු කලා.
ඊට පස්සෙ තොල් දෙක ඉදිමුනේ!""අනේ මේ කොල්ලො,
උඹේ ලුණු, ගොරකා මදි මාව තම්බන්න.
ඔය කොලු කාලෙට එක එක විකාර හිතෙනවා තමයි. හැබැයි උඹට මොලයක් කියලා එකක් දීලා තියෙන්නෙ හොඳ නරක, හරි වැරැද්ද හොයලා බලලා වැඩ කරන්න. තිරිසන්නු වගේ ඇඟේ පතේ අමාරුවට දඟලන්න නෙමෙයි!""අම්මට ඕනෙ එකක් කියාගන්න අම්මෙ!
හැබැයි ඉතින් මං බෑ බෑ කියද්දි, බලෙම්ම ඒ ගෙදර මාව නැවැත්තුවෙ අම්මම තමයි!"
මට ඇත්තටම මේ වෙද්දි එපාම වෙලා තිබුනෙ මේ අඳෝනාව. හිත රිදුනත් කමක් නෑ කියලා අම්මට කෙලින්ම කියලා දැම්මෙ ඒකයි."ඔව්, දැන් හැමදේම මගේ වැරැද්ද තමයි.
තාත්තත් නැති අඩුවත් නොදැනෙන්න, කාගෙවත් කතාවක් අහන්නෙත් නැතුව, උඹව හදලා ලොකු මහත් කරපු මගේ වැරැද්ද තමයි හැමදේම!
හැබැයි එකක් මතක තියාගනින් පුතේ, ඔය නටන්න බලාගෙන ඉන්න නාඩගම් නටන්න නම්, මේ අම්මගෙ මලකඳ උස්සලා ඉන්න වෙයි උඹට ඊට කලින්!!"
YOU ARE READING
කඩුපුල් (Complete)
General Fictionමේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?