විසි හය

4.6K 527 25
                                    

"හිමූ...."
ඒ හඬ කෙඳිරිල්ලක් වගේ!
මග් ඇඟේ හිරිගඩුත් පිපුනා. කන්දෙක රත් වෙලා ගියා.
නින්ද යාගෙන ආපු මං, කවමදාකවත් ඇහැරිලා හිටියෙ නැති තරම් හොඳට ඇහැරුනා.

දෙයියනේ!
මේ මොකද්ද මට මේ ඇහෙන්නෙ?
හිමූ කියන්නෙ කවුද?
මගෙ නමත් හිමාංශ් හැබැයි. ඒත් මට නම් කවුරුත්ම හිමූ කියලා නෑ.
'හිමාන්', 'හිමා', 'හිමානයා' ඕවා තමයි මගේ නම්!
තේජ්, හිමූ කිව්වෙ මට වෙන්න පුළුවන්ද?

මට ඒක හරියටම දැන ගන්න ඕන වුනත් එයා නිදි. නින්දෙන්ද ඒ කියෙව්වෙ?
ඔව්, වෙන්නැති.
නැත්තම් ඇහැරිලා ඉද්දි ජීවිතේට කාගෙ ගැන වුනත් ඔහොම කියන මිනිහෙක් නෙමෙයිනෙ.
අලි පු#න් පහල වෙලානෙ ඉන්නෙ.
හුහ්!

මං ආයෙම ඇඳ උඩින් ඔළුව ගහගත්තා. මේ මිනිහව මේ තේරුම් ගන්න බෑ. අනික ඔය වචන දෙක තුනක් නිසා ආයෙම බොරුවට බලාපොරොත්තු තියාගන්න ඕනෙත් නෑ.
හිමූ කියන්නෙ අර මේ යකාගෙ ඇඟේ වෙලීගෙන ඉන්න සක්කරවට්ටමද දන්නෙත් නෑනෙ.

ඉසිපිරිතාලෙ ඇතුලෙ ඔහේ දවස් ගෙවීගෙන ගියා. පලවෙනිම දවසෙ ඇහැරුනාම නම් තේජාන් පුදුම වෙලා මගේ දිහා බලාගෙන හිටියා.

"තමුසෙ මොකෝ මෙහෙ?"
විනාඩි පහක් විතර මූණ දිහා බලං ඉඳලා ඕක තමයි මිනිහා ඇහුවෙ.

"ආ... මේ මට චිත්‍රා ඇන්ටි විස්තරේ කිව්වෙ. මේ... මේ... ටික දවසක් ඉන්න කියලා ආවෙ.
අංකල්ටත් අමාරුයිනෙ"

ගොත ගහ ගහ මාත් මොන මගුලක් කියනවද මන්දා. ඇත්තටම ඉතින් බය හිතුනා මට දිය රකුසෙක් වගේ ඉඳගෙන එහෙම අහද්දි. එදා වගේ ඇඟේ එල්ලෙන්න ආවා කියලාවත් බැන්නොත්!

හැබැයි මගේ වෙලාව එච්චරම නරක නෑ. මිනිහා මොකුත් කිව්වෙ නෑ. ආයෙම මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියා. මට නිකං චූ බර‍යිත් වගේ අප්පා. මොකට ඇස්ගුල්ලෙක් වගේ බලං ඉන්නවද මන්දා.

"කමන්නෑ ඉතින්.
උයලා කන්න දීපුවට හිලව්වක් තියෙන්නත් එපැයි. නැත්තම් අපිට පිස්සුයෑ එක එකාව ගෙදෙට්ට ගෙනත් දාගෙන සැරින් සැරේට කන්න දෙන්න"
කට කොනෙන් හිනාවක් දාගෙන ඕක තමයි අන්තිමේ කිව්වෙ.

බොරු කියන්න ඕන නෑ. මට ඇත්තටම රිදුනා. තේජාන්ගෙ වචන හීනි පිහි තුඩු වගේ. එක්කො එකපාර මැරෙන්නම අනින්න ඕන. ඒත් එයා එහෙම නෙමෙයිනෙ කරන්නෙ. හීනි හීනි තීරු වලට පපුව ඉරලා දානවා.
මං ණය ඇති ඇත්ත.
යන්න එන්න තැනක් නැතුව හිඟන්නෙක් වගේ ඉද්දි ඉන්න තැනක් දීලා, කන්න බොන්න දුන්නෙ එයාලා. මට ඒ ණය ගෙවන එක කිසිම ප්‍රශ්නයක් නෑ. එයාලා ඉල්ලන ඕනම විදියකට.

කඩුපුල් (Complete)Where stories live. Discover now