69

411 57 9
                                    

#හිරිකඩක්_69

ඔහු දෙනෙත් සිහින් ඉරක් තරමට තුනී වද්දී දෙබැම හැකිළී ගියේ ඉබේටමය. තම දෑසට හසුවන දේ සැකහැර දැනගන්නට ඔහු යළිත් එය පිරික්සුවේය.

"ධූර්යා.. කෝ මගෙ දිහා බලන්න.."

සිදුවී ඇති දෙය අනුමාන කරද්දී ඔහු උන්නේ ඇයව සන්සුන් කරවන්නට අර අදිමින්ය.

"ධූර්යා... මේ මමනේ ම්ම්...

බය නොවී මගෙ දිහා බලන්නකෝ...."

ඉඳින් ඇය දෙනෙත් සාවියකගේ මෙන් තවමත් තිගැස්සුණු ගමන්ය. සෙනහස පපු අස්සට කාන්දු කරනා බැල්ම අබියස ඈ සෙමෙන් සන්සුන් වූවාය. ඈ කොපුල මත වන රත් පැහැ ඇඟිලි පාරවල් නුඝාද්ගේ ලේ උණුහුම් කළද ඔහු තමන්වම පාලනය කරගත්තේ ඇයව තවත් බිය වද්දන්නට අවැසි නොවූ නිසාවෙන්ය.

"ඔයාට කවුද රිද්දුවෙ ධූර්යා ම්ම්? කවුද මෙහෙම කරේ...?"

ඇයට පිළිතුරු දෙන්නට තරම් පියවි සිහියක් නොමැති මුත් නුඝාද් මුමුණන්නේ ධූර්යාගේ උරහිසක් එක් අතකින් අල්වාන අනෙක් අතින් ඇයගේ රත්පැහැ වූ කොපුල ප්‍රවේශමෙන්ම පිරිමදිමින්ය.

"රිදෙනවද ම්ම්?"

ඔහු මුමුණන්නේ සෙනහසත් අනුකම්පාවත් මුහු වූ බැල්මක් නෙතින් ඈ නෙත් මත්තට පෙරෙන්නට හැරලාය. ඉඳින් ඇය උන්නේ ඒ බැල්ම අස්සේ අනිච්ඡානුගවම ගිලීගෙනය. ඉඳින් ඈ නිවෙනවාය. පියවි සිහිය ඇයගෙන් බොහෝ දුරක වූවත් ඔහු උණුහුම අස්සෙ තැනී ඇතී රැකවරණය ඇයට හුරුය. ඔහු බැල්මෙහි තමා කෙරෙහි වන හැඟීම අසනීප ඇයගේ හිත සනහනවාය.

"මගෙ වහළ යටදිම ආයෙම පාරක් මට ඔයාව ප්‍රොටෙක්ට් කරගන්න බැරිවුණා!"

ඉඳින් ඔහුගේ හකු එකිණෙක තදවූයේ කම්මුල්වල වලවල් හැදෙද්දීය. ඔහුට කේන්තිය. ඔහුට වේදනාය. හිතෙහි වූ එක සැකයක් ඇස් පනාපිට ඔප්පුවනවාදැයි හිත විමසද්දී ඈ කම්මුල අල්වානම ඔහු සිතිවිලි මං ඇහින්දේ දුරකටය.

"චාතා..."

මිනිත්තුවල් දෙකක් ගෙවෙද්දී ඔහු අවධානය බිඳුණේ දැරිය පැමිණ නුඝාද්ගේ කකුලෙහි එල්ලෙද්දීය. නුඝාද්ගේ අත ධූර්යාගේ කම්මුල මත්තෙහි නැවතී තිබෙණා ආකාරයත් ඒ බෝල ඇස් කරකවමින් ඇය බලනවාය.

හිරිකඩක්Where stories live. Discover now