24. අපැහැදිලි තත්වයක්

5 1 0
                                    

හීනෙන් ඇවිදිනවා වගේ මං ගෙදර ආවේ. ඇත්තටම මං හිටියේ තෝන්තුවෙලා. හීනෙකින්වත් අහන්න බලාපොරොත්තු නොවුන දෙයක් මං අද ඇහුවේ. ඒක ඇත්තක් වුනත් බොරුවක් වුනත් ඒ වගේ කතාවක් මගේ හිතට බර වැඩියි.

මේ බලන්න ඇහැම්.. තරූගේ වැඩ.”

“ඇයි...”

“මං මාර්කට් යද්දි මේ ටික හදන්න කිව්වා. බලන්නකෝ ඉතින් හදපු ලස්සන..”

තරූට උයන්න පුළුවන් නේද.”

“ඔව් හොදට පුළුවන්..”

“ඒත් ඇයි මේ කෙල්ල මෙහෙම කරලා තියෙන්නේ..”

“මං හිතන්නේ ඔයා එක්ක තරහා තාම තියෙනවා.”

“මාත් එක්ක.?”

“නැතුව ඉතින් ඒ දරුවට හැමවෙලේම කඩන් පනිද්දි එයා ඔයා එක්ක නැතුව මං එක්ක තරහා ගන්නද.”

“මේ මම කඩන් පැන්නා..?”

“අනේ නෑ. මමනේ කඩන් පැන්නේ..”



සද්ද නැතුව කාමරේට යන්න ගියත් කුස්සිය ලගින් යද්දි මට අම්මිගේ හිනා සද්දේ ඇහුනා. අම්මි හිනාවෙද්දි හරි සිරියාවන්තයි. ඒත් එක්කමයි තාත්තිගේ හිනාවත් ඇහුනේ. මං කුස්සියට යන්න හිතාගෙන නොහිටියත් මට ඇත්තටම තාත්තිගේ කලාතුරකින් දකින්න හම්බවෙන හිනාව දකින්න ආස හිතුනා. තාත්ති වැඩිය හිනානොවුනත් එයාගේ හිනාව මං දැක්ක ගොඩක් පිරිමින්ගේ හිනාවට වඩා ලස්සනයි. ආදරේ හිතෙන හිනාවක් එයා ලග තිබුනේ. මං කුස්සියේ දොරට හේත්තුවෙලා තාත්තිගේ හිනාව දිහා බලන් හිටියේ ආසාවෙන්. ඒත් මට වැඩිවෙලා බලන් ඉන්න ලැබුනේ නෑ. අම්මි මාව දැක්කා.


තරූ. කොහේද දරුවෝ ගියේ.”

මං දැන් ආව ගාණට හිනාවෙලා සින්ක් එක ලගට ගියා. තාත්තිගේ මූණ දිහා නොබල ඉන්න උත්සහ කරත් දේදුණුගේ කතාව මතක් වෙන වාරයක් ගානේ මට තාත්ති දිහා බැලුනා. ඔයා කෙනෙක්ට එහෙම කරයිද තාත්ති..


ස්ටුඩියෝ එකට ගියා අම්මි..”

“ස්ටුඩියෝ එකට..?”

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now