36. වලිය

6 1 0
                                    

නාරං සීයේ....”

ගෙදරට ආවත් ගේට්ටු රාජයා වහලා දාලා නිසා මං නාරං සීයට කෑගැහුවා. යකෝ ගෙදර හැමෝම කොහේ මකබෑවිලද. තරූගෙන් අහන්නත් බැරිවුනා එයා ඇයි නීල් එවොන් එකේ ඉන්නේ කියලා. තාත්තිලත් එතනද. ඒත් නාරං සීයා..? එයා මේ ගෙයින් එලියට බහින කෙනෙක් නෙමෙයිනේ. නාරං සීයට දෙතුන් පාරක් කතාකරලත් ගේට්ටුව ඇරුනේ නැති නිසා අනිච්චං දුක්ඛං සංසාරේ.. කියලා මං පැන්නා තාප්පෙන්. හයියෝ... මගේම ගෙදරට මට තාප්පෙන් පනින්න වුන හැටි. මං ඇතුලට පැනලා ගේට්ටුව ඇතුල් පැත්තෙන් ඇරලා බයික් එක ගෙනත් ස්ථානගත කරා. මං මුලින්ම කරේ නාරං සීයා හොයාගෙන ගියපු එක. පිටිපස්සේ තිබුන පොඩි ගරාජ් එකේ තමයි සීයා ගොඩක් වෙලාවට ඉන්නේ. ඇතුලේ කාමරයක් තිබුණත් සීයා ඒකේ ඉන්නේ රෑට දොයියද්දි විතරයි. උදේ එලිය පොලවට වැටුන වෙලේ ඉදලා සීයා ඉන්නෙම මේ වත්තේ. මොනවා කරනවද මන්දා. මං ගිහින් පොඩි ජනේලෙන් එබිලා බැලුවා. අනේ අනිච්චං... කොහේ ඇහෙන්නද ඉතින්. මේක ඇතුලට වෙලා කටත් ඇරගෙන සැප නින්දකනේ. මං වෙනුවට තාත්ති ආවනම් තමයි නාරං සීයා අඟහරු යන්නේ. මං ආයේ ඇවිත් ඉස්සරහා මාලු ටැංකිය ලඟ බැම්මේ වාඩිවුනා. උදේ පාන්දරම තාත්ති ඇහැරුව එකේ නිදිමත තාමත් තියෙන නිසා මං තාප්පෙට හේත්තුවක් දාගෙන පොඩී.. ඇලට් එකක් දැම්මා.

සැප කනේ තියාගෙන නින්දේ හිටිය මට ඇහැරුනේ තාත්තිගේ වන්ඩිය ඇවිත් මහසද්දෙට ගරාජ් එකට දාද්දි. මං හිරි ඇර ඇර කෙලින් වුනා. අම්මි වාහනේ නවත්තපු ගමන් බැහැලා මූණත් හංඟගෙන ගිහින් දොර ඇරියා. තාත්තිත් ඩ්‍රයිවින් සීට් එකෙන් බැස්ස විදිය නම් මට ඇල්ලුවේ නෑ. ඈනුමක් අරින්න කටඅරිද්දිම තාත්ති බැහැලා දොර වැහුව ගැම්මට මට ආයේ ඈනුම ගිලුනා. මොකක් නමුත් හුටස්පරයක් වෙලා තියෙන පාටයි. තාත්ති මේ අහිංසක වාහනේ දොර පිටින් අරින්නේ වෙච්ච දේක පවර් එක. තාත්ති බැහැලා යනවත් එක්කම පිටිපස්සේ දොර ඇරන් සඳූ එලියට බැස්සා. ඒ මූණේ නම් මළගෙවල් දෙක තුනක් පායලා. වෙච්ච දේ හිතාගන්න බැරුව මං ගිහින් සඳූගේ උරහිස උඩින් අත තිබ්බා. ඒත් මං හිතුවෙවත් නැති විදියට සඳූ මගේ අත වැටෙන විදියට ගසලා දාලා ඇතුලට ගියා. ඒ වැඩේ මට නිකන් ග්‍රීක් වගේ. තාත්ති තාත්තිගේ තරහා වාහනේ දොර පිටින් ඇරියා. මෙයා මෙයාගේ තරහා මගේ පිටින් අරිනවා. සඳූගේ වෙස් පෙරලිය හිතාගන්න බැරුව මං හැරුනේ තරූ දිහාට. ඒකි ඉන්නවා වාහනෙන් බැහැගන්න විදියක් නැතුව. මං ගිහින් තරූට බහින්න උදව්වුනා.

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now