ආකේෂ් අයියලගේ ගෙදර පිටිපස්සේ තිබුන ඇළ ලග තිබ්බ කුඹුක් ගහේ මුල උඩ වාඩිවෙලා මං ගොඩක් වෙලා හිටියේ හිතහදාගන්න. අඬන්නේ නෑ කියලා කොච්චර දරාගෙන හිටියත් අන්තිම තත්පරේ මට ඇඬුනා. මං යකඩයක් නෙමෙයි මනුස්සයෙක් කියන දේ මං හිතාමතාම හැමවෙලාවෙම අමතක කරා. ඒත් මටත් නොදැනී සමහර වෙලාවට මං මටම පැරදුනා. අදත් එහෙම දවසක්. අඬලා හිතේ දුක අඩු කරගත්තත් මට ගෙදර යන්න තරම් හිතදුන්නේ නෑ. මට දැන් ගියොත් ඒලෙවල් ලිව්වටත් වඩා අමාරු ප්‍රශ්ණ පත්තරේකට උත්තර දෙන්න වෙනවා. ඒක නිසා හොදම දේ රෑ වෙනකම් ඉදලා ගෙදර පනින එක. මං කුඹුක් මුලෙන් නැගිට්ටේ හොස්පිට්ල් යන්න හිතාගෙන. බයික් එකේ නාපු නිසා මං හන්දියෙන් වීල් එකක් අරන් හොස්පිට්ල් එකට ගියා. මං නුදම්ගේ කාමරේට යද්දි නුදම් හිටියේ සැප නින්දක. ඒ සොදුරු පිරිමි මූණේ හැඩතල මං බලන් හිටියේ දොර ලගට වෙලා. වැඩියෙන්මත් මං නුදම් ලගට නොගියේ ඒ වෙලාවේ නර්ස් කෙනෙක් එයාගේ බෙහෙත් දෙන නිසා.
“හරි මිස් ඔයා එන්න...”
නර්ස් නුදම්ට ඉන්ජෙක්සන් එක දීලා සිලින්ජර් එක ඩස්පින් එකට දාන ගමන් කිව්වේ හිනාවෙලා. ඒත් මට ඒ හිනාවේ අමුත්තක් දැනුනා. ඒකමයි මං නර්ස් දිහා හොදට බැලුවේ. මං බලන් හිටිය විදියටද මන්දා නර්ස්ගේ මූණේ හිනාව තිබුනත් එයාගේ හැංගිච්ච බය මං දැක්කා.
“ඇ..ඇයි මිස්..”
“ඇයි දැන් ටිකකට කලින් ඔයා මං දිහා බලලා අමුතු විදියට හිනාවුනේ..”
නර්ස් ලොකු හුස්මක් අතෑරලා පපුවට අතක් තියා ගත්තා. මට ඒකත් සැකයක් වුනා.
“අම්මෝ ඒකද. මං බයවුනා..”
“ඇයි.. මං බයවෙන්න තරම් දෙයක් ඇහුවේ නෑ.”
“ඔව් ඒක ඇත්ත. ඒත් කලින් දවසකත් මං මේ පේෂන්ට් ලග ඉදලා හිනාවෙන්න ගිහින් ලොකු කරදරේක වැටුනා..”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰