18. බිසෝ අම්මා...

5 1 0
                                    

නික් නැගිටපං...”


කාලෙකට පස්සේ මං දවල්වරුවේ ගෙදර හිටිය හින්දා නිදාගත්තා. ඒ සැප නින්ද කාබාසිනියා කරේ මගේ ආදරණීය අක්කණ්ඩි. තරූට හොදවයින් කුණුහර්ප දෙකක් කියන්නත් හදලා මං වොච්එක දිහා බැලුවා. යකෝ. 8.30යි වෙලාව. දෙකට විතර නිදාගත්තු මං මෙච්චක් වෙලා නිදියෑවද. බිසෝඅම්මා හවස ටී එකටවත් මාව ඇහැරවලා නෑනේ. හරි වැරදියි බිසෝඅම්මේ හොදේ..


දෙයියන්ගේ නාමෙන් නික් නැගිටපං..”


මට ඉබේම නැගිට්ටුනේ තරූගේ ඇඩුම්බර සද්දෙට. ඇඩුම්බර නෙමෙයි. ඇත්තටම අඬනවා. මං ඉක්මණට නැගිටලා තරූගේ මූණ දෝතට ගත්තා. මොකක්හරි අනතුරක නරකම නරකම ඉඟියක් මට දැණුනා.


ස්විටි.. මොකෝ රත්තරන් මේ.”

“අ...අනේ. නික්. බිසෝඅම්මා නෑ”


මට තරූගේ මූණ අතෑරුනේ මටත් නොදැනීම. බිසෝඅම්මා නෑ...? මොකක්ද යකෝ ඒ හරුපේ. බිසෝඅම්මගේ ආදරේ පිරිච්ච මූණ ඇස් ඉස්සරහා මැවෙද්දි මං ආයෙම තරූ දිහා බැලුවා. ඒ වෙලාවෙම සඳුත් මගේ කාමරේට ආවා.


නික්.. එකොලහට විතර බිසෝඅම්මා මාර්කට් යනවා කියලා ටවුන් ගිහින්. තාම ඇවිත් නෑ. දැන් මාර්කට් හත් අට පාරක් ගිහින් එන්න වෙලාව කියලා තාත්තියි අම්මියි ගියා හොයන්න.”


සඳුගේ කතාවට මට ඔලුවට පොලු පාරක් දුන්නා වගේ මතක් වුනේ සුවම්ගේ ගේ ළඟදි දැක්ක වෑන් එකෙන් බස්සවපු ගෑණු කෙනා. ඒ බිසෝඅම්මවත්ද.

ස්විටි.. උඹ දැක්කද බිසෝඅම්මා ඇදන් ගියේ මොකක්ද කියලා..”


මං අහපු ප්‍රශ්ණෙට තරූ උත්තර නොදී මගේ දිහා බලන් හිටියේ යකෙක් ගහලා වගේ. ඒ හැසිරීමට මට යකා වැහීගෙන ආවා.


කන් ඇහෙන්නැද්ද ස්විටි. උඹ දැක්කද බිසෝඅම්මා ඇඳන් ගිය ඇඳුම..”

“එ..එයා ඇදන් ගියේ උඹ බර්ත්ඩේ එක‌ට දීපු රීදිපාට බෝඩරේ තියෙන සායයි රෝසපාට හැට්ටෙකුයි..”


හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now