54. අසුභ නිමිත්ත

5 0 0
                                    

තරුයි මායි උසාවියේ මිදුලේ අල්ලන සෙල්ලම් කර කර හිටියේ. බෑනේ ඉතින්. ඒකිට අහුවුන ගමන් මට එලෝ පොල් පේන්න ගහනවනේ. තාත්ති සඳූට නම් අපි ඉන්න පලාතක එන්න දුන්නේ නෑ. එන්න විතරක් නෙමෙයි බලන්නවත් දුන්නේ නෑ. මොකෝ අපි තුන්දෙනාම සෙට් වුනොත් ලෝක යුද්දේ පරාදයිනේ. තරූට වෙට්ටුවක් දාලා දුවද්දි තමයි මං දැක්කේ දේදුණුගේ ලෝයර් පිටිපස්සට යනවා. ඒපාර මෙයා මොකෝ හැංගිමුත්තන් කරන්නේ. මතක විදියට අපේ කේස් එක තමයි අන්තිම එක. තව කේස් නැත්තම් ගෙදර නොයා අහවල් එකක් කරනවද. නැට්ටටම ඒ යන දිහා බලාගෙම කල්පනා කරද්දි තරූ ඇවිත් පිටිපස්සෙන් මාව අල්ලගත්තා.

අම්මේ ඇති අල්ලගත්තා. යකෝ කූණිස්සෝ පරාදයිනේ..”

තරූ මගේ වැලමිටෙන් අල්ලගෙන හති අරිනවා. වෙන වෙලාවක වගේ වුනානම් මං ඒකිගෙන් අහනවා කූණිස්සෝ පනිනවද බං කියලා. ඒත් මේ වෙලාවේ තරූව චාටර් කරනවට වඩා වැඩක් තියෙනවා.

“දැන් නම් දෙනවා පැණි බේරෙන්න මාව හති වැට්ටුවටත් එක්ක.”

“උඹට ගහන්න බැරිනම් හමගහන්න හරි මං වෙන වෙලාවක එන්නම්. මට පොඩි වැඩක් තියෙනවා.”

“ඒ මොකක්ද.”

මං තරූට උත්තර දීදී ඉන්න හිටියේ නෑ. අඩිය ඉක්මන් කරලා ලෝයර් ගිය පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් මං පිටිපස්සට ගියා. මං යද්දි ගෑණු දෙන්නා කෙහිවළු පටලවගන්න ඹන්න මෙන්න. දේදුණුට නම් නැට්ටටයි ඊට චුට්ටක් එහාටයි මළ පැනලා.

මොකක්ද කළණි ඔයා ඒ කරේ.”

“මං මොනවද කරේ.”

“ඔයා හිතන්නේ මං බබෙක් කියලද. ඔයා කේස් එකේ අන්තිම ටිකේ කතාකරේ මගේ පැත්තට නෙමෙයි.”

“නෑ.”

“නැත්තේ නෑ ඔව්..”

ලෝයර්ට මලපැන්න නිසාද මන්දන්නෑ කතාව නවත්තලා හයියෙන් හුස්මගත්තා. හොඳටම තදවෙලා. දේදුණු වේගෙන් ලෝයර්ව එයාගේ පැත්තට හරවගත්තා. ලෝයර් අඩමානෙට හිටිය හින්දද කොහේද කැරකිලා ගියා..

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now