හිතහදාගන්න බැරුව මං දවස් ගාණක් මං කාමරේ ඇතුලේ හිටියා. මොන කරුමෙකටද මන්දන්නැ මට හිතහදාගන්න කොහෙත්ම බැරිවුනා. මං කරපු වැරැද්ද ලොකුවැඩියි. මටම මතක නෑ මං දවස් කීයක් මෙහෙම හිටියද කියලා. දවස් කීයක් නිදි නැති රැයවල් හිටියද කියලා. දවස් කීයක් නොකා හීටියද කියලා. හැමෝගෙන්ම හැංගිලා දවස් කීයක් තනියම හිටියද කියලා. මං ඇඳෙන් බැස්සේ හිතේ තුවාලේ මට තවත් හොඳකරගන්න බෑ කියලා තේරුණ නිසා. තනියම දුක්වින්දට මට තුවාල හොඳකරගන්න බැ. අනිත් හැමදේටම හිටියා වගේ ආකේෂ් අයියා.. තරු.. සඳූ.. එක්කම ඉදලා මං හිතහදාගන්න ඹ්න. මං බාත්රූම් එකට ගියේ දවස් ගානකින් ටොයිලට් පවා නොගිහිපු හින්දා. හොදහැටි නාගෙන මං එලියට එද්දි මගේ ෆෝන් එක රින්ග් වෙනවා. මං එබිලා බැලුවා කවුද කියලා.
ආකේෂි.........
ආකේෂ් අයියගේ නංගි. මගේ හොදම යාලුවා. හොදම යාලුවා කියන්නේ ඒකි ඇත්තටම හොදම යාලුවෙක්.. හිතහදාගන්න බැරුව ලතවෙච්ච දවස්වල ලගක නොහිටියත් පුළුවන් හැම තත්පරේම මාත් එක්කම හිටියා. අකේෂි කියන්නේ චෙෆ් කෙනෙක්. ස්කුල් එකෙන් අවුට් වුන ගමන්ම හොටෙල් ස්කුල් එකකට ගියා. ඒකෙන් හොදම වුමන් චෙෆ් විදියට තේරිලා ඒකි මැලේසියා ගියේ මිට අවුරුදු තුනකට කලින්. අද වෙනකම් ලංකාවට ආවේ නෑ. ඒත් ලංකාවේ නොහිටියා කියලා ඒකි මාව හැලුවේ නෑ. මාත් එක්කම හිටියා. අකේෂ් අයියා හැම මඟුලම කියපු නිසා මේකි වැඩ අස්සෙත් පැයෙන් පැයට මට කෝල් කරා. උදේද දවල්ද රෑද කියලා නෑ එයාට හිතුනොත් ගන්න ඹ්න කියලා ගත්තා. රෑ එකට දෙකට හරි ගන්නවා. ඒ ඒ වෙලාවට උගෙ වැඩ ඉවර නිසා..
“හෙලෝ.....”
“මොකෝ වෙන්නේ...”
“ස්පෙෂලි මුකුත් නෑ...”
“ඒ නික්කෝ...”
“මොකෝ...”
“අරකට මොකෝ වෙන්නේ දැන්...”
ආකේෂි ඒ අඥාත පදයක් දාලා අමාරුවෙන් ඇහුවේ නඩුවේ කේස් එක. මට ඒක මතක් වෙද්දිත් ඉබේම හීල්ලුනා. තව දවස් දෙකයි තියෙන්නේ හැමදේම විසදෙන්න. මං සියප්පච්චියත් කතා කරා. එයාලා අද එනවා කිව්වා. ඒත් එක මං කාටවත්ම කිව්වේ නෑ. ඒ විතරක් නෙමෙයි නඩුව කිව්වෙත් නෑ මං.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰