29. වේදනාව

6 1 0
                                    

මොකද කරන්නේ... කොහේටද යන්නේ කියලා කිසිම අදහසක් මගේ ඔලුවේ තිබුනේ නෑ. ඔලුව තනිකරම මළම විකාරයක් වෙලා ගිහින්. කිසිම සැනසීමක් නෑ. හිතටවත් ඔලුවටවත් මටවත්. ඉස්සරනම් මේ වගේ වෙලාවල්වල මං ගිහින් හැංගුනේ නූගේ තුරුල්ලේ. අදත් ඉතින් වෙනසක් වෙන එකක් නෑ. ඒ උණුසුම ළග ඹ්නවටත් වඩා මගේ හිත නිවෙනවා. පාර දිගේ ඹ්නවට එපාවට රවුම් ගහපු මං කෙලින්ම බයික් එක හරවගත්තේ කැන්සර් හොස්පිට්ල් එක පැත්තට. බයික් එක පාර්ක් එකේ නවත්තන්නවත් මගේ හිත දුන්නේ නෑ. ඔහේ.. බයික් එක පෙරලෙන්න ඇරලා මං පිම්මේ දිව්වේ නූගේ කාමරේට. පඩිපෙලෙන් ගියොත් තව මිනිත්තුවක් හරි පරක්කු වෙනවට අකමැත්තේ මං ලිෆ්ට් එකට රිංගුවා. දෙවනි තට්ටුවෙදි මං ගියපු ලිෆ්ට් එකටම නර්ස්ලා තුන්දෙනෙක් එක්ක ඩොක්ටර් කෙනෙක් කලබලෙන් ඇතුල් වුනා. එයාලා ඇතුලට එන්න ගත්තු විනාඩි දෙකත් මට මහකාලයක් වුනා. මං හිටියේ නලිය නලිය. මොකද පුළුවන් තරම් ඉක්මණට නූ ලගට යන්න මට ඹ්නවුණා. තුන්වෙනි තට්ටුවෙදි අර ඩොක්ටර් එක්ක නර්ස්ලා තුන්දෙනා එලියට ගියේ මාවත් පෙරලගෙන. ලිෆ්ට් එකේ දොරේ වැදුන වැලමිට අතගගා මං බැලුවේ එයාලට හැදුන කුලප්පුව මොකක්ද කියලා. ඒත් හතරදෙනා ගියපු කාමරේ දකිද්දි මගේ කකුල් දෙක පණ නැතුව ගියා. ඒ නූගේ කාමරේ. දෙයියනේ මගේ නූ.

මං විදුලි වේගෙන් ඇවිත් දොර ඇරගෙන ඇතුලට යන්න ආවත් දොර ඇතුලෙන් ලොක්කරලා නිසා මට ඇතුලට යාගන්න විදියක් තිබුනේ නෑ. මං දොරේ තිබුන ලොකු වීදුරු රවුමෙන් එබුනා. ඒවෙලාවේ මට හිතුනේ අපරාදේ මං එබුනේ කියලා. මගේ ආදරේ.. ඒවෙලාවේ හිටියේ පුදුමාකාර වේදනාවකින් ඇඹරි ඇඹරි. ඒ මූණ දුර ඉදන් වුනත් කියවන්න මට පුළුවන්. නුදම් දැන් ඉන්නේ කියාගන්න අමාරුම ලොකුම වේදනාවකින්. ඒ වේදනාවෙන් මගේ රත්තරන්ගේ මූණ විරූපිවෙලා ගිහින්. දොර ළගම හිටිය නර්ස් සාමාන්‍ය සිලින්ජර් එකකට වඩා ලොකු සිරින්ජර් එකක් අතට ගනිද්දි මගේ ඇඟ හිරිවැටිලා ගියා. ඒකත් උස්සගෙන නර්ස් නුදම්ගේ පැත්තට යද්දි හරකෙකුට වගේ මට තේරුනා එයා හදන්නේ එකෙන් විදින්න කියලා. මගේ ඇස් නිලංකාර වේගෙන එනවා වගේ මට දැනුනේ.

“අනේ එපා..”

නුදම්ගේ ලගට ගිහින් නර්ස් සිලින්ජර් එක උඩට උස්සද්දි දොරෙන් එලියේ හිටිය මට ඉබේටම මිමිණුනා. අනේ ඹ්කෙන් එයාට අනින්න එපා. ප්ලීස් ප්ලීස්.. එයාට මං හිමිහිට කොනිත්තන එකවත් දරාගන්න බෑ නර්ස්. ප්ලීස් ඹ්කෙන් අනින්න එපා. වේදනාවට මගේ රත්තරන් මැරිලා යයි දෙයියනේ.. මං හිත ඇතුලෙන් ලතෝනි දිදී ඇඬුවත් නර්ස්ටවත් ඇතුලේ හිටිය කාටවත් මාව දැනුනේ නෑ.. ඇහුනෙත් නෑ. නර්ස් නුදම්ව පැත්තට හරවලා එයා ඇඳන් හිටිය ඇඳුමේ ෂර්ට්එක උස්සලා ඉණ පාදාගත්තා. කිසිම හිතක් පපුවක් නෑ වගේ අර එස්ලෝන් බටේකටත් වඩා මහත කට්ටෙන් නර්ස් නුදම්ගේ කොන්දට ඇන්නා. මං හිතුවේ බෙහෙත් විදිනවා කියලා. ඒත් එයා කරේ නුදම්ගේ කොන්දෙන් ලේ ගනිපු එක. නුදම්ගේ ලේවලින් සිලින්ජර් එකේ බාගයක් විතර පිරෙද්දි මගේ අත්දෙකෙන්ම කට වැහුනේ කෑගැහෙයි කියලා බයට. යටිතොල හපාගෙන නුදම් ඉවසන් හිටියත් අන්තිම තත්පරේ නුදම් කෑගැහුවේ යටිගිරියෙන්. ඒ කෑගැහිල්ලට මෙච්චර වෙලා ගල්වෙලා තිබුන මගේ කදුළු කම්මුල් දිගේ සට සට ගාලා ගලන්න ගත්තේ කිසිම පාලනයක් නැතුව. නුදම්ගේ වේදනාව මගේ කොන්දෙන් දැනෙනවා වගේ මට දැනුනා. තවත් නුදම්ගේ ලතෝනිය අහන් ඉන්න බැරි තැන මං කන්දෙක වහගෙන විදුලි වේගෙන් පහලට දුවගෙන ආවා. කොහේටද දුවන්නේ කියලා නිනව්වක් නැතුව දුවගෙන ආපු මං කකුල් පණ නැතුව බිම ඇඳගෙන වැටුනේ මගේ දරාගැනීම ඉවරවෙච්ච නිසා. ඉන්නේ කොහේද. වැටුනේ කොහේද කියලා කිසිම දැනීමක් නැතුව මං කරේ පුළුවන් තරම් හයියෙන් විලාප තියපු එක.

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now