කියාගන්න අමාරු ලොකු වේදනාවක් ඇඟට දැනුනා. මං ඇස් ඇරලා බැලුවත් වැඩිවෙලාවක් මට ඇස් ඇරන් ඉන්න බැරිවුණා. අඳුරු රූප ගොඩක් එහෙ මෙහෙ යනවා වගේ පෙනුනත් මං ආයේ ඇස් පියාගත්තේ ඇස්වල ගල් එල්ලලා වගේ බරට දැනුන නිසා. වෙලාවක් කලාවක් ගැන දැනීමක් නැතුව මං ගොඩක් වෙලාවකට පස්සේ ඇස් අරින්නේ නැතුවම මගේ වටේ ඇහෙන සද්දවලට ඇහුම්කන් දුන්නා. ඒ කටහඬවල් කියලා මට තේරුණේ ටිකක් වෙලා ගියාට පස්සේ. අම්මිගේ.. තාත්තිගේ.. අකේෂ් අයියගේ.. තරූගේ... සඳූගේ.. දිල්රුගේ.. කටහඬවල් මට ඇහුණා. ඒත් ඒ ගොල්ලෝ කතාකරේ මොනවද කියලා නම් මට තේරුණේ නෑ. කුරු කුරු ගානව විතරයි ඇහුනේ. ඒ සද්දෙත් මගේ ඹලුව පුපුරන්න තරම් ලොකු වේදනාවක් ගෙනාපු නිසා මං ආයෙත් ඇස් පියාගත්තා.
“ඩොක්ටර් වීරකෝන්. නංගිට සිහිය එනවා යනවානේ. “
“අයියෝ ඩොක්ටර් අකේෂ්. ඔයත් ඩොක්ටර් කෙනෙක් නේද. මේ ඉන්නේ හාර්ට් එක ගොඩක්ම ඩැමේජ් වෙච්ච පේෂන්ට් කෙනෙක්. එයාට අපි හිතන තරම් ඉක්මණට සිහිය එන්නේ නෑ. ට්රයි ටු අන්ඩර්ස්ටෑන්ඩ්...”
“මූ මොන බස්ටෑන්ඩ් එකක් ගැන කියවනවද මන්දා. මං මේ ගිනිපත්තුවෙලා ඉන්නවා. මේකිට සිහිය එනවා යනවා. පුදුම ගේමක් දීලා ජීවිතේ ගොඩගත්තේ. අරූ මඟුලක් කතාකරනවා. ට්රයි කරන්නලු. එහෙම පුළුවන් නම් ඉතින් ඉරේ තේ කඩ දාන්නත් බැරියෑ..”
ෂුවර් එකට ලොකු ඩොකා ගිහින් ඇති. පොඩි ඩොකා මේ අම්මෝ.. නැතුව බනින්නේ ඒකයි. වෙන වෙලාවක වුණානම් හිනාවෙන්න තිබ්බා හොස්පිට්ල් එක දෙදරන්න. මං හිමිහිට එක ඇහැක් විතරක් හොරෙන් ඇරලා අකේෂ් අයියා දිහා බැලුවා. මගේ පැත්ත හැරිලා හිටියත් උන්දැ හිටියේ මේ ලොකේ නෙමෙයි. දවස් ගාණකින් කපපු නැති රැවුලයි පීරපු නැති කොණ්ඩෙයි අයියා තනිකරම හිඟන වර්ෂන් එකකට කන්වර්ට් කරලා තිබ්බා. අඬේ.... මං වෙනුවෙන් දුක්වුණේ මෙයා විතරද.. දඩිබිඩි ගාලා කාමරේ දොරත් තල්ලු කරගෙන ඇතුලට ආපු ඩබල දකිද්දි මං පටස්ගාලා ඇස්වහගත්තා. සඳූයි.. තරුයි.. උන් දෙන්නා ආපු විදියට දොරක්නම් ආයේ දාන්න වෙයි මං හිතන්නේ.. මගේ ඔලුවට සිනිදු අතගානවා වගේ දැනුනා. ඇස් අරින්නේ නැතුවම ඒ තරූ කියලා මට හිතුනා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Aksiවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰