හොස්පිට්ල් එකට කිලෝමීටර් භාගයක් විතර මෙහායින් මං වාහනේ නවත්තගෙන බැස්සා. මේකෙන් හොස්ප්ට්ල් එකටම යන එක බයානකයි කියලා මගේ හරක් මොලේට නිකමට හිතුනා. ඒක නිසා මඟින් බැහැලා මං හෙමිහිට ගේට් එකෙන් ඇතුල්වෙලා මගේ කාමරේ ළඟට ආවා. අම්මි ඇහැරිලා නැතිවේවා කියලා මං ප්‍රාර්ථනා කරන ගමන් දොර යන්තම් ඇරලා ඹලුව විතරක් දාලා අම්මි දිහා බැලුවා. අම්මි තාම දොයිනේ. මං මාරම සැහැල්ලුවකින් ඹලුව උස්සද්දිම කවුද මන්දා එකෙක් මගේ බෙල්ලෙන්ම අල්ලගත්තා. ඇල්ලුවේ කවුරු වුණත් උන්දැ මාව ඇතුලට ගත්තේ බෙල්ලෙන් ඇදගෙනමයි. හරියට අපේ තාත්ති ගෙදර පූසාව අල්ලලා විසිකරන්න අල්ලගන්නවා වගේ. මං ඹලුව උස්සලා බැලුවේ කවුද මගේ අත්දෙක තියෙද්දි බෙල්ලට මාංචු දැම්මේ කියලා. හපොයි.. තාත්ති..
“මට හිතුනා තාත්ති වෙන්නැති කියලා..”
මං දත් තිස්දෙකම දාලා විරිත්තලා තාත්තිට කිව්වා. තාත්ති නේද බැලුවා බැලිල්ලක්. අම්මෝ එපා.
“ආ... ඇත්තද. කොහොමද කොහොමද මං කියලා හරියටම හිතුනේ..”
“නෑ.. තාත්ති බෙල්ලෙන් අල්ලගත්තු විදියෙන්. ගෙදර ඥාව්වා ගුවන්ගත කරන්න අල්ලන්නෙත් ඔයි විදියටනේ..”
මගේ කතාවට තාත්තිට හිනාගියත් බෙල්ලනම් අතෑරියෙම නෑ. පව් මයේ බෙල්ල.
“කොහේද ගියේ හැංගි හැංගි...”
“එළියට ගියේ තාත්ති කම්මැලි හිතුනා ඇතුලේ ඉන්න.. අම්මිත් නිදි නිසා.....”
“දැක්කනේ ජයේ.. මොකක්හරි උත්තරයක් තියෙනවා මේකිට.....”
මං එතකොට තමයි දැක්කේ ජන සන්නිපාතෙම ඇතුලේ කියලා. ජයවීර අංකල්ද, අකේෂ් අයියාද, අපේ ඩබලද, සීයාඅප්පච්චිද, ආච්චිද, නැන්දිද, නැන්දිගේ වලිගේ යසස් අයියද, මගේ මාර පුත්‍ර තුන්කට්ටුවද ඒකී මෙකී නොකී හැමඑකාම මගේ කාමරේ ඇතුලේ.. මුංට ගෙවල් නැද්ද.
“ඹලුව උස්සගන්න පුළුවන් වුණ ගමන්ම ඉන්න බෑ එක තැනක. කඩි කනවද..”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Aksiyonවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰