අපි තුන්දෙනා පහලට යද්දි අපේම වෙලාවද මන්දා ඉන්න ඹ්න එකයි නැති එකයි හැමකෙනාම සාලේ. ඒ කිව්වේ අකේෂ් අයියගේ පවුලේ හැමෝම අපේ ගෙදර. දැන් චුට්ටකට කලින් මං කතාකරපු අකේෂිත් ඉන්නවා දැක්කම මාව කරකවලා අතෑරියා වගේ වුණා.
“උඹ මෙහේ ඉදලද කතාකරේ මට....”
“මොන පිස්සුද දරුවො. මෙයා දැන් විනාඩි 10කට විතර කලින් නැගිට්ටා මටත් රව රව ගිහින් වොෂ් දාගෙන ආවා. ආයේ මාවත් ඇදගෙන මෙහේ ආවා. මේ පේන්නේ නැද්ද මං ඉන්නේ උදේ කිචන් එකේ වැඩ කරන්න ඇදපු ඇඳුම පිටින්..”
අප්පටසිරි මං එතකොට තමයි දැක්කේ මිශ්‍රා ආන්ටිගේ අතේ තියෙන ඒප්‍රන් එක. ඒ මනුස්සයට ඒප්‍රන් එක ගලවනකම්වත් ඉදලා නෑනේ. යකාගේ කෙල්ලෙක්නේ.
“මොකෝ මේ හමුදාවම ආවේ...”
“මේකයි. තාත්ති මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒකයි ආවේ..”
“කියමු බලන්න..”
තාත්ති වාඩිවෙලා ඉදපු පුටුවත් අපේ පැත්තට හරවගෙන වාඩිවුණා. ඒක දැකලා නිකන් මගේ මෙච්චර වෙලා තිබ්බ ගට්ස් බැස්සා වගේ දැනුනා. මං ඒ හැඟීම මූණේ තියාගෙන තරූ දිහා බැලුවා. එයා මට හපන්. බලන්න දෙයක් නෑ. සදූත් මේ වගේම ඇති. අකේෂ් අයියට පුටුවක් පෙන්නන ගමන් මං සදුත් ඇදගෙන තාත්ති ඉන්න තැනට ටිකක් එහායින් වාඩිවුනා. මොකෝ කිව්වට පස්සේ තාත්ති ගහන්න නැගිට්ටොත් දුවන්න හිතාගෙන. තාත්ති නැගිටින පරක්කුවට අපි තුන්දෙනාට කිලෝමීටර් ගාණක් දුවලා ඉන්න පුළුවන්.
“තාත්ති මේ.....”
“ඇයි දැන් මොකක්ද ඔය තුන්දෙනා කරපු මගෝඩි වැඩේ..”
හරි තාත්ති දන්නවා අපි තටමන්නේ පොඩි වැරැද්දක් කරලා නම් නෙමෙයි කියලා. මහා පරිමානේ දිරවගන්න බැරිදෙයක් කරොත් තමයි කෙකර ගාන්නේ කියලා. ගැහුවත් කමක්නෑ කියලා මං කියන්න හිතාගත්තා.
“මේක දැන් කරපු දෙයක් නෙමෙයි. මීට මාස ගාණකට කලින් කරපු දෙයක්. හරියටම කිව්වොත් නික් ඇක්සිඩන්ට් වෙච්ච දවසේ..”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰