පැය දෙකහාමාරක විතර ගමනකින් පස්සේ අපි තැනට ආවා. අපිව මීටර් ගාණක් මෙහායින් බස්සවලා ජයවීර අංකල් එයාගේ ජීප් එක විතරක් අරන් හාබර් එක ඇතුළට යන ගේට් එක ළඟට ගියා. ඒත් එයාට ඇතුළට එන්න වුණේනෑ. ගේට් එක ළඟ ඉඳපු දෙන්නෙක් වාහනේ නතරකරා. අංකල් එයාලත් එක්ක කතාකරද්දි අපි අපිට උපදෙස් දීපු විදියට උන්ට නොපෙනෙන්න දම්වැල් අස්සෙන් රිංගලා හාබර් එක ඇතුලට පැනගත්තා. අපි වටේට කරකිලා කැරකිලා ඇවිත් තිබ්බේ කන්ටේනර් පෙට්ටි ගොඩකින් වටවෙච්ච තැනකට. ඒත් බලන බලන හැමතැනම තිබ්බේ කන්ටේනර් පෙට්ටි මිසක් වෙන මෙලෝක දෙයක් අපිට පෙනුනේ නෑ. මං ටැබ්එක අරන් සීඩි එක තියෙන තැන බැලුවා. අපි ඉන්න තැන තමයි පෙන්නන්නේ නම්. ඒත් මෙතන මුකුත් නෑනේ.
“ස්ව්ටි.. අපි මේ කොහේද ඉන්නේ. සීඩි එකක් තියා බලුපුළුටක්වත් නෑනේ බං.”
“අනේ ගොන් චුක්කියෝ ඔය තියෙන්නේ කන්ටේනර් පෙට්ටි. ඔව්වා ඇතුලේ පවුලකට ඉන්න පුළුවන් තරම් ඉඩ තියෙනවා.”
මගේ වැඩකට නැති සහෝදරියෝ දෙන්නා කාගන්නකම් මං ගිහින් හැම කන්ටේනර් පෙට්ටියක්ම බැලුවා එළියෙන්. ලොකු වෙනසක් එකකවත් නොතිබ්බ නිසා මං ආයේ අපේ කස්ටිය ඉන්න තැනට එන්න හැරෙද්දි එක පෙට්ටියක් අයිනට වතුර බින්දුව බින්දුව වැටිලා එතන තෙමිලා තිබ්බා. මං ගිහින් ඒ පෙට්ටියට කන තියලා බැලුවා. ඇතුලෙන් හෝගාන සද්දයක් ඇහිච්ච නිසා මං ටිකක් වෙලා බලගෙන හිටියේ තේරුම්ගන්න බැරුව. බලමු ඇතුලේ ඉන්නේ මොක්කුද කියලා. මං එලියට ඇවිත් තිබ්බ වයර් එකක් පුළුවන් තරම් හයියෙන් ඇද්දා. ම්හු.. මෙලෝ වගතුවක් නෑ. මං පොඩ්ඩක් වටපිට බැලුවේ මොකක්හරි හොඳ හයිය පොල්ලක් හොයාගන්න. ඒ වෙන මොකකටවත් නෙමෙයි එලියෙන් මේ පෙට්ටියට දෑත බදලා දෙන්න. මං මොකක්හරි හොයද්දි තමයි ඇතුලෙන් දොරක් ඇරුණේ. මං ටක්ගාලා ඇරෙන දොරට කවර්වුණා. දොර ඇරුනේ එළියට නිසා ඇතුලේ ඉදන් ආපු මොකාට වුනත් මාව නෝට් වුනේ නෑ.
“කවුද යකෝ අතපය තියන් ඉන්න බැරි එකා. මොකාද වයිෆයි කේබල් එක ඇද්දේ. කපනවා දැනගනිල්ලා තොපි කෑලි කෑලිවලට.”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰