දවල් කෑමෙන් පස්සේ සඳුයි තරුයි ඇඳන් බදාගත්තු නිසා මාත් කාමරේ ලොක්කරලා හෙමින් සීරුවේ එලියට බැස්සා. උදේ වරුවේ අම්මියි සීයයි එහාට මෙහාට වෙනකම් ඉදලා මං සීයගේ කාමරේ පොඩි සර්ච්පාරක් දැම්මා. ඒකේ ප්රතිපලේ විදියට අපි කලින් හිටියා කියපු ගෙදර කියලා හිතන්න පුළුවන් ලිපිනයක් මට හම්බුනා. ඒකේ ෆොටෝ එකකුත් අරගෙන මං ශේප්එකේ සීයාගේ කාමරෙන් චුතවුණා.
බයික්එකත් අරන් ලිපිනය හොයාගෙන ආපු මට 1.30ට විතර ලිපිනේ තිබුන ගෙදර ගොයාගන්න පුළුවන් වුනා. වහළ කෑලි කෑලිවලට හදලා තිබුන ගෙදර ඇත්තටම පරණ වුනත් හුරුබුහුටියි කියලා මට හිතුනා. යකඩ ගේට්ටුව මලකඩ කාලා තිබුනා වුනත් තල්ලුවක් දාපු ගමන් ඇරුනා. තණකොළ දණිස්සටත් වඩා උඩට වැවිච්ච මිදුල දිගේ ඇවිදන් ගිහින් දොරේ අඟුල කැරකෙව්වත් ජිරි ජිරි ගෑවා මිසක් ඇරුනේ නෑ. වැඩේ කියන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලත් මේ දොර දිරලත් නෑ. අඟුල මලකඩ කාලත් නෑ. පුදුමයි. ඇයි තාත්ති මෙච්චර අගේට හදපු ගෙදර කුලියටවත් දීලා නැත්තේ.
ඉස්සරහා පැත්තෙන් ඇතුලට යන්න විදියක් මගේ මොලේට ආපු නැති නිසා මං පිටිපස්සට කැරකුනා. වතුර ටැංකිය තියන්න දෙවනි තට්ටුවට වෙනකම් උසට හදපු සිමෙන්ති කණු හතරක් විතරක් යතා තත්වෙන් තිබුනා. කොහොමහරි ඒ කණුවල පිහිටෙන් මං පළවෙනි කෑල්ලේ වහලට නැග්ගා. ඒකේ උළු දෙකක් අයින් කරගෙන ඇතුලට පනින්න නම් මට මහා වෙලාවක් ගියේ නෑ. ඇතුලට පැනපු ගමන් මං මුලින්ම කරේ ෆෝන් එකේ සිම්එක බුරුල් කරපු එක. නැත්තම් තරූ ඇහැරිච්ච ගමන් මං පේන්න නැති වුනහම නැට්ට ගිණිගත්තු හනුමන්තා වගේ මගේ සිම්එක ට්රැක් කර කර ඉන්න තැන හොයනවා කියලා මං දන්නවා.
ෆෝන්එකේ ටෝච්එක ඔන් කරගෙන මං හතරඅතම බැලුවා බල්බ් එකක්වත් තියේද කියලා. ම්හු.. නෑ.. මටත් පිස්සුනේ. මෙච්චර කාලයක් මිනිස් වාසයක් නැති මේ ගෙදර බල්බ් තිබුනත් කරන්ට්එක කපලා ඇතිනේ. හැම කාමරයක්ම ලොක්කරලා. ඒක නිසා මං යතුරු හිල්වලින් ඇහැ තියලා ඇතුල බැලුවා. කෙලවරේම දෙකේ මුකුත්ම නොතිබ්බත් ඉස්සරහා දොර ළග තිබුණ කාමරේ අඳුරේ උනත් මොන මොනවාහරි තියෙනවා කියලා මං දැක්කා. සිවිලිම් ගහලා නොතිබුන නිසා මං ආයෙම වහලට නැගලා ඒ කාමරේ ඇතුල් පැත්තට රිංගගෙන පරාලයක් අල්ලගෙන බිමට පැන්නා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰