“අනේ ප්ලීස් මචං මං ඇවිදන් යන්නම්කෝ. එපාවෙලා මේ රෙද්දේ ඉදලා...”
හොස්පිට්ල් එක ලඟ බැහැලා අයියා වීල්චෙයාර් එක ගන්න හදද්දි ඒක දැක්ක තරූ නාහෙන් අඬන්න ගත්තේ මට මල පන්නලා. ඇයි යකෝ. ක්ලිනික් එකේ ඉද්දි ‘අ’ යන්නේ ඉඳලා පැහැදිලිව කිව්වා මෙහෙම කරන්නේ ඇයි කියා. ඒ විතරද. මේ එද්දි ඒටු ඉසෙඩ් කිව්වා. වාහනේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්න බල්ලා වගේ ඔලුව වැනුවට මේ හරකි මෙලෝ දෙයක් ඔලුවට දාගෙන නෑනේ.
“ස්විටි මට මේක කියපං. උඹට වටින්නේ පස්සද ජීවිතේද..”
“ජීවිතේ..”
“ආ.. එහෙනම් ඔය වක්කඩ වහන් ඉදහන්..”
මං තරූට රවලා ආකේෂ් අයියට කිව්වා මේකිව ඉන්දවන්න. අයියාගේ උදව්වෙන් වීල්චෙයාර් එකේ තරූ ඉඳගත්තේ රටේ නැති කුණුහර්ප මට කිය කිය. ඔහේ කියද්දෙන්. හිතේ අමාරුව ඇතිනේ. තාත්ති හිටියෙ තුන්වෙනි තට්ටුවේ නිසා අපි එතනට යද්දි තාත්තිගේ කාමරේ එලියේ බිඟුන් එක්ක ජයවීර අංකලුයි තව ඔෆිසර්ස්ලා තුන්දෙනෙකුයි එලියේ හිටියා. මෙච්චර ගාඩ් එකක්...? මං එනවා දැකලා අංකල් මං ලගට ආවේ විදුලි වේගෙන්. ආපු ගමන් මගේ උරහිස් දෙකට අත්දෙක තිව්වා. ඒ ඇස්වල සැනසීමක්..
“තෑන්ක්ස් ගෝඩ්.. අනතුරක් නෑනේ...”
“ප්රශ්ණයක් නෑ අංකල්. වැටෙද්දි කකුල ලෙලිගියා එච්චරයි. අනික අයියා මාව පරිස්සමෙන් බලාගත්තා.”
“තැන්ක්ස් සුදු පුතේ..”
“ඒක මං කරන්නම ඹ්නනේ අප්පච්චි..”
“අංකල් තාත්ති කෝ...”
“ඇතුලේ. එන්න යමු...”
අංකල් ඉස්සර වෙද්දි මායි තරුයි ඒ පිටිපස්සෙන් ගියා. බිඟුන් ඉන්න තැන පහුකරද්දි මං යන්තම් ඔලුව හෙල්ලුවේ එයාට පේන්න. මට ප්රශ්ණයක් නෑ කියලා තේරුනහම ඒ මූණ නිකන් එලිය වුනේ කාන්තාරෙක හිටිය එකෙක්ට වතුර බින්දුවක් දික්කරා වගේ. අංකල්ගේ පස්සෙන් මං තාත්තිගේ කාමරේ ඇතුලට ගියා. මගේ පස්සෙන් තරූ වීල්චෙයාර් එක තල්ලු කරගෙන ආවා. ඇතුලේ අම්මි.. සඳූ.. මිශ්රා ඇන්ටි.. ප්රිත්වි.. හැමඑකාම හිටියා. එතන නොහිටියේ මායි තරුයි විතරයි. අම්මි මාව දැක්ක ගමන්ම අඬලම රතුවෙච්ච ඇස් ආයෙමත් කදුළුවලින් පුරවගෙන මගේ ලඟට දුවගෙන ආවා. ආපු සැනින්ම මාව බදාගෙන මහ සද්දෙන් අඬන්න ගත්තේ මගේ ඇසුත් ලාවට තෙත් කරන ගමන්.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Aksiවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰