ගහගන්න බැරි නම් මරාගනිල්ලා කියලා අපි දිල්රුවයි සඳූවයි සඳූගේ කාමරේට දාලා දොර වහලා පහලට ආවේ කන්න හිතාගෙන. ඊයේ දවල් කෑවට පස්සේ බත් ඇටයක් ඇහැට දැක්කේ නෑ. උඟුරට එන්න එන්න වගේ ඇත්තේ ඒක නිසා වෙන්නැති. බඩේ පණුවොත් මාව බලයෙන් පහකරන සයිස් එකෙන් කෑගහන්නේ. අපි තුන්දෙනා පහලට එද්දි තාත්තියි ජයවීර අංකලුයි කෑම මේසේ වාඩිවෙලා හිටියා. අම්මියි බිසෝඅම්මයි කඩියෝ දෙන්නා වගේ මේසේ ලෑස්තිකරනවා. අපිට තියෙන්නේ ඉඳගෙන කන්න විතරයි. අපි තුන්දෙනා පහළට බහිනවා දැකලා අම්මි බලාගෙනම හිටියා. ඒ බැල්ම තිබුනෙම මගේ ලග. මගේ අම්මේ ඒ බැල්මට මගේ කකුල් දෙකේ ඉදලම සීතල වේගෙන ආවා. මං පටස්ගාලා තරූ දිහා බැලුවා..
“ඒ ස්විටි....”
“ඹ්.....”
“මං ලෙන්ස් දාලාද ඉන්නේ. මතක නෑ..”
“ඔව් ඇයි...”
“ඇස් දෙක ඇරලා බලහන් අම්මිගේ බැල්මන්ට් එක..”
තරුත් ඇස් බෝල දෙක කරකවලා අම්මි දිහා බැලුවා. ඒකි නම් බැලුවට වඩා ඉක්මණට ආයේ අහක බලාගත්තා..
“ඇඟ සීතල වෙලා යනවා බං...”
තරූ අහක බලාගෙනම කියද්දි මං ආකේෂ් අයියට ඇස්වලින් අම්මිව පෙන්නුවා. එයා හිනාවෙලා මගේ බඩේ තිබුන තුවාලේ පෙන්නුවා. අඩේ අප්පා.. මට තුවාලෙකුත් තිබුනා නේද. මුන්දැ මතක් කරනකම් මතක් වුනේම නෑනේ. අඩුම තරමේ රිදුනෙත් නෑ. අපි තුන්දෙනා ගිහින් ඉඳගද්දි අම්මි අපි තුන්දෙනාටම පිඟන් බෙදාගෙන ගිහින් ඉතුරු වුන හිස් පුටුව ලඟ නැවතුනා..
“කෝ චුක්කි....”
“එයා බාත්රූම් එකේ...”
“පොතක් බලනවා...”
අම්මි ප්රශ්ණේ ඇහුවේ මගෙන් වුනාට උත්තර දුන්නේ මගේ දෙපැත්තේ හිටිය ජෝඩුව. ඒකත් කේකුයි පරිප්පුයි වගේ මෙලෝරහක් නැති උත්තර දෙකක්. අම්මිගේ මූණ බලගෙන ඉද්දි වෙනස් වුනේ. හරිනේ ඉතින්. මං මූණ මේසෙට ඔබා ගත්තේ දෙන්නා ලස්සනට හත්පොලේ ගාගත්තු නිසා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰