72. අන්තිම මිෂන් එක

3 0 0
                                    

සවින් එන්න කියපු දවස ළං වුනේ හූ කිය කිය. අතත් තාම හරියකට උස්සගන්න බෑ. ලෝක ගෝලෙත් තරහට කරකෙනවද මන්දා. මං නැගිටපු වෙලාවේ ඉදලා රෑ වෙනකම් හිටියේ කිරි පණුවා වගේ නලිය නලිය. මොකද අද උදේ ඉදලා අපේ ඩබලයි අකේෂියි අම්මියි මාව මුරකරා. කොහාට ගියත් පස්සෙන් ඇවිත් ඇති. ඇඳේ ඉදලා ඉදලා මං ඇඳෙන් බැස්සේ මුත්‍ර බොක්ක කට ළඟටම පිරිච්ච නිසා. මං ඇඳෙන් බහිද්දිම අම්මි ඉක්මණට මගේ අත අල්ලගත්තා. මේ මොන හත්තිලව්වක්ද යකො..

අම්මි මං ටොයිලට් එකට යන්නේ...”

මං අම්මිට කිව්වේ ඇත්තටම සසර කරකිරිලා. මගේ වොයිස් එක නිසාද මන්දා අර තුන්දෙනාම හිනාවුණේ මට කිචේට. ඉදකින්. මං අම්මිගෙන් අත ඇදගෙන ගියේ හොඳහැටි රවලා. ශික්. මං ටොයිලට් එකට ගිහිල්ලත් කල්පනා කරේ කොහොමද පැනගන්නේ කියලා. හිතාගන්නම විදියක් නැතිවුන නිසා මං හුලං බැහැලා වගේ ආයේ ඇවිත් ඇඳ උඩට රිංගගත්තා.

“තරූ දැන් කොහොමද...”

මාව චෙක් කරන ඩොක්ටර් රෑ 9යට විතර හිනාකටක් පුරෝගෙන ආවා. කියන්න වරදක් නෑ. පශ්චාත් බාගේ හිරිවැටිලා එච්චරයි.

මගේ තුවාලේ හොඳවෙද්දි මං හිතන්නේ ඩොක්ටර් ඔයාට මගේ පශ්චාත් භාගෙට බෙහෙත් කරන්න වෙයි..”

“ඇයි ළමයෝ ඒ..”

“ඇයි අහන්නේ. මං ඇඳ උඩ ලැගගත්තු ගමන්මනේ. මෙයාලා ආසාවට ඇඳෙන් බහින්න දෙනවද. බැස්ස ගමන් නැට්ට වගේ පස්සෙන් ඇවිත් ඇති. මං තනියම යන්නේ ටොයිලට් එකට විතරයි ඩොක්ටර්. පුළුවන්නම් මේ සෙට් එක ඒකටත් එයි..”

ඩොක්ටර් මහා හයියෙන් හිනාවෙලා කාමරේ තිබ්බ බෙල් එක ඩෝ..න් ගාලා ගැහුවා. ඒ නම් නර්ස් කෙනෙක්ට අඬගහන්න. බෙල් එක ගහලා විනාඩියක් යන්නත් නැතුව ඇති නර්ස් කාමරේට බෙල්ල දාද්දි.

අපේ මේ චණ්ඩි කෙල්ලව එක්කගෙන යන්න එක්ස්රේ රූම්එකට. මං හිතන්නේ මිසිස් රණසිංහ ඔයාට ඔයාගේ මේ දඟමල්ල ගෙදර ගෙනියන්න පුළුවන් වෙයි. ඒක්ස්රේ එකේ අවුලක් නැති වුණොත් හෙට ඩිස්චාර්ජ් කරන්න පුළුවන් වෙයි..”

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now