උදේ මට ඇහැරුනේ ගේ උඩ යන්න දාලා තිබ්බ ටීවි එකේ සද්දෙට. මං නිදිගැට කඩ කඩ කාමරේ ගරාදි වැටට බරදීලා පහල දාලා තිබ්බ ටීවි එක දිහා බැලුවා. මං ඇරෙන්න අනිත් හැමෝම හිටියේ ටීවි එකට හොම්බ දික්කරගෙන. එතනට නොගියත් මට මේ ඉන්න තැන ඉදලම ටීවි එක හොඳට පෙනුනා..
“අමාත්ය මොහොමඩ් ඉම්ෆාස් බදුල්දීන් මහතා ඊයේ දින ඔහුගේ පුද්ගලික දේපලක් වන නිකලස් වීදියේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක් ඇතුලත සියදිවි හානිකරගෙන ඇත. ඔහු දින කිහිපයක සිටම සිය පුතුගේ වියෝව නිසාත් ඔහුගේ ජාවාරම් හා දේපල රාජයට භාරගැනීම නිසාත් සිත් තැවුලෙන් සිටි බව ඔහුගේ පුද්ගලයන් පවසා ඇත. ඔහු මියගොස් ඇත්තේ කෙසේද යන්න තවමත් පරීක්ෂන මට්ටමේ පවතී.. එම පරීක්ෂණ ජ්යෙෂ්ඨ පොලිස්පති ජයවීර දුණුසිංහ මහතා වෙත භාරදී ඇත...”
ආ..පරීක්ෂණ දීලා තියෙන්නේ අංකල්ට නම් තව මොනවා ඹ්කේ හොයන්නද. නැද්ද අංකල්. වෙච්චදේ ඇස් දෙකෙන්ම දැක්කනේ. මං ඒ නිවුස් එක අහන්හිටියේ මූණේ සැනසීමක් තියෙද්දි. සදූ ඔලුව කරකවලා මං දිහා බැලුවා. මං එයාට ඇහැක් ගහලා ආයේ කාමරේට රිංගගත්තේ කාලෙකට පස්සේ නිදහසේ නාගන්න හිතාගෙන.. නාගෙන කාමරේට ඇවිත් මං රූෆ්ටොප් එකට ගියේ හිතේ දුකක් නිසාම නෙමෙයි.. පාලුවක් වගේ දැනුන නිසා. ඊයේ හීනෙන් වගේ මතකයි මට නූ ඇවිත් යනවා වගේ.. ඒ මං කරගෙන ගිහිපු දේ කරලා එයාටත් නිදහසක් දුන්න හින්දා වෙන්නැති.. ඒත් එයා හැමවෙලේම මොකක්හරි අවුලකින් ඉද්දි ඇස් වේගෙන් එහා මෙහා යැව්වා වගේ මතකයි.. ඇයි ඒ.. හැමදේම දැන් ඉවරයි නූ. ඔයාට සැනසීමක් මං දුන්නා.. ඔයාගේ තාත්තගෙන් මං මේ රටේ අහිංසක මිනිස්සු ටිකක් බේරගත්තා.. එහෙනම් ඇයි නූ ඔයා තාම සැනසිල්ලෙන් නැත්තේ..
“හිරූ.....?”
අකේෂ් අයියා මං ළඟටම ඇවිත් කොට තාප්පෙට බරදුන්නා. මං එයා දිහා බැලුවේ හරි සැනසීමෙන්.
“මූණ හරි නිදහස්....”
“හ්ම්... මගෙන් වෙන්න ඹ්න හැමදේම මං කරා අයියේ....”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Aksiවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰