06. චරිත මාරුවක්

3 1 0
                                    

බයික් එකේ යන්න හිතාගෙන එළියට ආවත් පස්සෙනේ මතක් වුනේ බයික් එක තාමත් ටවුමේ කියලා. යතුර තිබුනා කියලා යතුරෙන් යතහැකියැ. මං යතුරත් සාක්කුවේ දාගෙන බස් ස්ටෑන්ඩ් එකට ආවා. ඒ ටික දුර ඇවිත් මට අම්බානකට හති. ආසාවට ඉතින් පයින් යන එකක්ද. නෑනේ. එවෙලෙම අද්දපු ටකරම් බස් එකක එල්ලිලා මං ටවුන් එකෙන් බහිද්දි මුළු ඇඟම දාඩියෙන් නෑවිලා තිබුනා. මගේ වෙලාව නම් අන්තිම නරකයි. ටවුන් එකට එන එකේ මුලින්ම අද්දපංකෝ හොඳ ලක්සරි බස් එකක්. නෑ... ගෑවුනතත් පිටගැස්ම හැදෙන සයිස් මලකඩ ලඩියක තමයි එන්න වුනේ. ටවුන් එකේ හෙවණකට කියලා තිබුන එකම එක මැයි මාර ගහ යට තමයි මං මගේ මැණික් කැටේ උදේ නතර කරේ. ඒ අව්වට පිච්චෙන නිසා. ඒත් මං දැන් යද්දි දැකපු දර්ශනෙන් මගේ හිත කෑලිවලට කැඩිලා ගියා. අව්වෙනුත් පරිස්සම් කරපු මගේ පුංචි සෝස මැණිකගේ ඇඟ උඩ ගෑවුනත් මැරිලා වැටෙන සයිස් එකේ කලු පතබරියන් එකෙක් වාඩිවෙලා. පව් මගේ මැණික. කොහොම බර දරාගෙන ඉන්නවද දන්නෑ. මම බයික් එක ළඟට ගිහිල්ලත් බයික් එක උඩ වාඩිවෙලා හිටිය එකා කිසිම ගානක් නැතුව උගේ ෆෝන් එකේ කිමිදිලා හිටියා. මට නේද තත්පරෙන් තත්පරේ කාලේ ගෙවෙද්දි ඉවසීමේ සීමාව පැන්නා.

මේ මිස්ටර් මං තව කොච්චර වෙලාවක් මෙතන හිටගෙන ඉන්න ඹ්නද.”

“ආ...”

ඔන්න එතකොට තමයි මිනිහගේ ඇස් මගේ පැත්තට කැරකුනේ. මිනිහා මගේ මූණ දිහායි බයික් එක දිහායි මාරුවෙන් මාරුවට බලලා ටික් ගාලා නැගිට්ටේ මෝඩ හිනාවකුත් දාගෙන.

සොරි නංගි. ඔයාගෙද බයික් එක..””

“නෑ.. මගේ සීයාගේ පුතාගේ වයිෆ්ගේ දුවගේ.”


හොඳහැටි රවාගෙන මං ඩිකියේ තිබුන හෙල්මට් එකත් අරන් ඔලුවේ දාගෙන බයික් එක ගත්තා. මේක මගේ නෙමෙයිනම් මම මොන පුපේ අමාරුවට එතන බලන් ඉන්නේ. නංගි.. හහ්.. හොඳ අයියා. අපේ තාත්තිගේ වයස. මං ටවුන් එකේ ඉදලා අපේ ගෙදරට විනාඩි දහයෙන් ආවා. දැන් තමයි අතිදුශ්කරම වැඩේ. බිසෝඅම්මට නොපෙනෙන්න මගේ රූම්එකට පැනගන්න එක. වතුර බටේ දිගේ නගින්න පුළුවන්. ඒත් තට්ටු 3ක් කොහොමද දෙයියනේ නගින්නේ. බැරිකමක්නම් නෑ. ඒත් මේ වෙලාවේ බෑ.

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now