“උදේ වෙච්ච දේට තරහද නික්....”
හවස පාර්ටියට යද්දි තරූ මගේ එහාපැත්තේ ඉදන් ඇහුවේ මූණත් බෙරි කරගෙන. එයා ඔය අහන්නේ, හිතන්නේ බලන්නේ නැතුව ලිෆ්ට් එකේදි ‘හොස්පිට්ල් ගියාද’ කියලා අහපු එක. දවසටම මං එයා එක්ක කතාකරේ නෑනේ. කතානොකරේ නම් තරහා නිසා නෙමෙයි. ඔලුවේ කැක්කුම නිසා. නිදාගෙන නැගිට්ටට පස්සේ නම් අගේට මලඉලව්ව හොඳවෙලා තිබුනා.
“මොකට තරහා වෙන්නද බං. මූ වගේ උඹ මට වද දෙන්නෑනේ..”
තාත්තිගේ ලෑන්ඩ්කෘෂර් ලඩියේ පිටිපස්සේ අපි තුන්දෙනා හිටියේ කොන්දෙකේ සඳුයි තරුයි. මං මැද.. සඳු නැග්ග වෙලේ ඉදන් නිදි.. මේ හවසට ඒකි නිදාගන්න ටයිම් එකනේ. ඔක්කොමත් හරි මේ වහංගතේ නිදාගන්නේ මගේ කරේනේ. ඒකනේ කාලා ඉන්න බැරි. මං මගේ උරහිස උඩ තිබුන සඳුගේ ඔලුව ඇඟිල්ලකින් තල්ලුකරා. මං ඔය ඔයි විදියට කරපු හතරවෙනි පාර. මිනිත්තු දෙක තුනක් බෙල්ල කෙලින් කරන් ඉන්නවා. ආයේ කඩාගෙන වැටෙනවා. ඔය ආයේ වැටුනා. මගේ දිව අගිස්සටම හොද කුණුහර්ප වැලක්ම ආවා. අම්මියි තාත්තියි දෙන්නම ඉස්සරහා ඉන්න නිසා කට අරින්න විදියකුත් නෑනේ. තාත්ති ස්ටියරින් වීල් එක අල්ලන් හිටියට අම්මිගේ අත දිගයිනේ.
“කූල් මචං කූල්....”
තරූ හිනාවෙවී ජනේලෙන් එලිය බලාගද්දි මට කරන්නම දෙයක් නැති තැන බුකවගෙන හිටියා අයියලගේ ගෙදර එනකම්ම.
“දැන්වත් නැගිටහන් වදේ..”
ගේට්එක ලගට ඇවිත් නැවැත්තුවම මං සඳුගේ පැත්තෙන් දොර ඇරියා. සඳු කිඹුලා කට අරින්න වගේ ඇරලා ඈනුමක් අරින ගමන් තලු ගගහා බැස්සා. තූ... විතරක්.. මහ නපුංසකයෙක්. පාටිය පාන් වාටියක් කරා. මටත් සඳු බැස්ස පැත්තෙන්ම බහින්න වුනේ තාත්ති අනිත් පැත්තෙන් තරූව බස්සවන නිසා. අපි තුන්දෙනාම ඇන්දේ කලු ලෙගින් එකට දිලිසෙන බ්ලේසර් එකක් යටට සුදු ටීෂර්ට් එකක්. තාත්ති අළුතින්ම ගෙනාවා අද පාර්ටියටම. මට නම් බ්ලේසර් එකටත් වඩා සැපකට තිබුනේ යටින් ඇදපු ටීඑක.
“වෙල්කම් මයි ප්‍රින්සස්...”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰