බයික්එක හෝදද්දිත් මට මතක් වුණේ ඊයේ සිද්ධිය. ඇස් ඉස්සරහා ඔය මිනිහෙක් මැරුණමයි. තාමත් මතක් වෙද්දි බඩපපුව දාලා යනවා. හෝස්එක බයික්එකට අල්ලගෙන හිටියා මිසක් හෝඳන්න උවමනාවක් මට නම් තිබ්බේ නෑ.
“බලාගෙන බයික් එකට හෙම්බා හැදේවි.”
සඳුගේ කටහඬ එකපාරටම ඇහුණ නිසා මං ගැස්සිලා ගියේ ඊයේ සිද්ධියේ තාම අතරමං වෙලා ඉන්න හින්දා. සඳුගේ කටහඬත් මට ඇහුනේ වෙඩි සද්දයක් වගේ. හෝස් එකත් බිමට අතෑරිලා වතුර මිදුල පුරාම යන්න ගත්තා. මේකි කරොත් කරන්නෙම අසමජ්ජාති වැඩක්. මං වතුර බටේ අහුලගන්න ගමන් සඳු දිහා හොදහැටි රවලා බැලුවා.
“මොකද රවන්නේ. මං කිව්වද උඹට හෝස් එක අතේ තියාගෙන මනෝ ගහන්න කියලා.”
අම්මපා මේකිගේ හාලි කට. ගමටම ඇහෙනවා. මං සඳුගේ පැත්තට හැරුනේ මාව බයකරාට මතක හිටින්න හොඳ වැඩක් කරන්න හිතාගෙන.
“උඹ උදේට මූණ හේදුවද..”
“හිකේයියා මොනවද බං අහන ප්‍රශ්ණ..”
“කියපංකෝ හේදුවද..
“ඔව් ඔව් ඇයි..”
“නෑ නැත්තම් හෝදන්න ඇහුවේ...”
සඳුවට හිතාගන්නවත් වෙලාව නොදී මං හීතලම හීතල වතුරපාරක් සඳුගේ ඇඟට ඇල්ලුවා. උදේ හිරිකඩත් එක්ක තාමත් හරියකට ඉරඑලිය වැටිලත් නැති නිසා වතුර ගොඩක්ම සීතල ඇති. මොකද ගෙදරින් එලියේ ටැප් වලින් එන්නේ රබර් වත්ත මැද්දේ තියෙන ළිදේ වතුර. වතුර පාර ඇඟ දිගේ යද්දි සඳු පස්සට පැන්නේ තෙමිලා ඇඟට ඇලුන ටීෂර්ට් එක අතින් ඇදගෙන ඇඟෙන් ඈත්කරන ගමන්.
“තූ.... ඩියුලක්ස් බල්ලා. මං ආවේ තොට කන්න කතාකරන්න. තියන්නෑ එක පිට්ටු කෑල්ලක්. කාපිය බත්ම.”
සඳු මට බැන බැන ඇතුලට ගියා. මං හිනාවෙවී ටැප්එකත් වහලා දාලා බයික්එකේ ඩිකිය ඇරියේ දවස් ගාණකින් ඒක ඇරියේ නැති නිසා. හප්පේ හඩුගඳ. නයි පොළොන්ගුත් ඇති. ඩිකිය ඇරලා මං කාමරේට යන්න ආපස්සට හැරුණත් ආයේ ක්ෂණිකව මං ඩිකිය පැත්තට හැරුනේ දෙයක් දැක්කා වගේ දැකපු නිසා. හරි මගේ ඇස් රැවටිලා නෑ. මේ තියෙන්නේ. තුනට හතරට නවපු ඒෆෝ කොළයක්. මේ මොන ගිනිජංජාලාවක්ද. අතේ වතුර ෂර්ට් එකෙන් පිහිදගන්න ගමන් මං කොළ කෑල්ල අතට ගත්තේ ගැරඬි හැවක් ගන්නවා වගේ ඇඟිලි දෙකෙන්. කොකටත් කියලා මං ඒක දිගෑරලා බැලුවා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acţiuneවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰