“මේ වෙලාවේ ගහන්න ඹ්න මෙතනින් නෙමෙයි. මෙතනින්.....”
මගේ අතට තට්ටු කර කර ඉදලා ඔලුවට තට්ටු කරේ වෙන කවුරුත් නෙමෙයි ආකේෂ් අයියා. මෙයා කොයි වෙලාවෙද කෝර්ට් එකට ආවේ. මං ඇස් පොල්ගෙඩි වගේ කරගෙන අයියා දිහා බැලුවේ. ඒකා හිනාවෙනවා.
“කොයිවෙලේද ආවේ කියලද හිතන්නේ. නඩුව පටන්ගත්ත ගමන්ම ආවා. ඔයා දැක්කේ නැහැ.”
“ආ...හ්....”
“නංගි.. මේක අතින් පයින් වැඩ පෙන්නන වෙලාව නෙමෙයි. මොලෙන් වැඩ පෙන්නන වෙලාව. ඒක නිසා යමු දැන් ඇතුලට...”
ආකේෂ් අයියා මගේ අතින් ඇදගෙන කෝර්ට් එක ඇතුල් පැත්තට ආවා. මටම මං ගැන ඇත්තටම පුදුමයි. නුදම්ට ඇරෙන්න කාටවත් මං අවනත වෙලා නෑ. ඒත් ආකේෂ් අයියා ඉස්සරහා මං වෑවර කාපු බල්ලා වගේ කූල් වෙන්නේ. ඔයා මගේම අයියද කියලා මට වෙලාවකට හිතෙන්නේ ඇයි. අයියා මාව වාඩිවෙලා හිටිය තැනම වාඩිකරවලා එයා මගේ අනිත් පැත්තෙන් වාඩිවුනා. අතේ තිබ්බ බෑග් කෙනෙක් කූල් මයිලෝ එකක් අරන් අයියා මගේ අතේ තිබ්බේ මගේ හිත කියවලා වගේ. ඇත්තටම මං හිටියේ දිව ගිලෙන්න තරම් තිබහේ.
“නංගෝ දෙයක් අහන්න දෙන්නද..”
මං මෙලෝ සිහියක් නැතුව මයිලෝ එක ඇදලා අරිද්දි අයියා මගෙන් ඇහුවා. මං එයා දිහා බැලුවේ මොකක්ද අහන්න වගේ. මොකෝ වචන පිටකරගන්න බැරි තරම් මං මයිලෝ කටේ පුරවන් හිටියේ. ආකේෂ් අයියා මුකුත් නොකිය එයාගේ ෆෝන් එකට හෙඩ්සෙට් එක ගහලා මගේ කනේ ගැහුවා. පස්සේ රෙකෝඩින් එකක් ප්ලේ කරා. රෙකෝඩින් එක ප්ලේ වෙද්දිම මං ඒ වොයිස් එක අඳුනගත්තා. ඒ දේදුණු... මං මයිලෝ එකේ බටෙත් කටෙන් අතාරින ගමන් කට ඇරන් අයියා දිහා බැලුවා. අයියා මගේ ඔලුවටත් ඇනලා අහන්න කියලා කිව්වා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰