ඉර තිබුනේ හරියටම අපේ කෙලින්ම වගේ. කෙලින් කියන්නේ අංශක 90වටත් වඩා කෙලින්. ඉහින් කනින් මහවැලිය ගඟ ගලන්න වගේ දාඩිය ගලද්දි මායි තරුයි පාර පනින්න උත්සහ කරේ studio එකට යන්න. පෙරේදා ඇවිත් දීලා ගියපු photos ටික, අද තරුගේ වැඩේකට ටවුන් එකට ආපු ගමන් එහෙම්මම ගත්තා නම් ආයේ ටවුන් එන්න ඹ්න නෑනේ කියලා මට හිතුණා. කහඉර පෙනි පෙනි අපි පාර පැන්නේ කහඉරෙන් පනින්න ගියානම් තව හූවකුයි බල්ටි දෙකකුයි දුර පයින්යන්න වෙනවා. ඒක නිසා.. මගේ scooty මැණික පාරේ මෙහා පැත්තේ නවත්තලා මං තරුගේ අතිනුත් අල්ලන් පාර පැන්නා.
"නික්.. නික්... වෙයිට්.."
පාර මැද්දෙදි තරු, මගේ අතට මැදිවෙච්චි එයාගේ අත ගලෝගෙන ආයේ අනෙක් පැත්තට පැන්නා. මම නිකන් මහ දවාලේ ඔලුව මැද්දට පොල්ලකින් දුන්නා වගේ මඤ්ඤං වුනේ. කන ළඟින්ම ඇහුන හෝන් සද්දෙට මේ ලෝකේට දාඩා..න් ගාලා වැටුන මං වටපිට බැලුවේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව. එතකොට තමයි මට මතක් වුනේ 'යකෝ මං තාමත් පාර මැද්දේ නේද' කියලා. මේ වාහනකාරයෝ ටික සිංගප්පූරු ගියපු අම්මිගේ ගුණ වර්ණනා කරන්න කලින් මං ඉක්මණට පාරේ එහා පැත්තට මාරු වුනා.
පාරේ අයිනට ආපු ගමන්ම මං මුලින්ම කරේ තරුවා මකබෑවුනේ කොහේද කියලා බලපු එක. තරුවා ඉන්න තැන දැක්කම මට යකු වැහුණා. උදේ ගෙදරින් එලියට බැස්සෙත් මුගේ මේ නෑදැ සනුහරේ හම්බවෙන්න. ඒත් මදි වෙලා මාව පාර මැද්දේ අත් ඇරලා මේකි ආයේ ගිහින්නේ ඉතින් පාරේ අයිනේ හිඟා කන වයසක උන්දැක් ළඟට. අම්මපා... මේකි මගේ අක්කා නෙමෙයි නම් කනවා කෑල්ලක්. මේ නෑම්බි හින්දා මං කොයි වෙලාවක හරි මහ පාර මැද්දේ මැරෙනවා.
"තරූ......"
අම්බානකට හිතින් තරූට බැන බැන ඉද්දි කවුරු හරි පිටට තට්ටු කරා. තට්ටු කරානම් මොකෝ තඩි බෑවා. මං පුළුවන් තරම් මූණ හතරැස් කරගෙන පිටිපස්ස හැරිලා මගේ දිහා කන්න වගේ බලන් හිටිය උණහපුළු පැටියට ඇඟිල්ල දික් කරලා පාර එහා පැත්තේ ඉදපු තරූව පෙන්නුවා. මනුස්සයා මං පෙන්නපු පැත්ත බලලා තත්පරෙන් සුදුමැලි වෙලා ගියේ රෑ 12 මෝචරියට දාලා වැහුව ගාණට. ඒ තත්පරෙන්ම පොර අතුරුදහන් වුනා. වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරි තරම් වේගෙකින් ඒ මනුස්සයා අතුරුදහන් වුනේ. සිද්ධ වෙච්ච දේට මට ලාවට හිනා ගියේ පුරුදු විදියට තව කෙනෙක්ට මාවයි තරූවයි පැටලුනා කියලා තේරෙද්දි. අපි දෙන්නා දැකලා මේ විදියට අතුරුදහන් වුනා නම්, සඳුත් මෙතන හිටියනම් මට හිතාගත්තහැකි වෙන්නේ මොකක්ද කියලා. එහෙනම් මිනිහා මෙතන වලකජ්ජම ගහනවා. තරුවා හිඟන ගෑණු කෙනා ළඟ ඉදන් මං දිහා බලලා කන් දෙක අල්ලගත්තා සොරි කියන්න වගේ. පාරේ ඉදන් මහ සද්දෙට කුණුහර්ප කියන්න බැරි හින්දා මං තරූට රවලා Studio එකට යන්න හැරුනේ ආයේ වැරදිලාවත් ඒ පැත්ත නොබලා.
තරුයි මමයි සඳුයි එක අම්මගේ බඩවැල කඩාගෙන තත්පර ගාණක වෙනසකින් මේ ලොකෙට ආපු තුන් දෙනෙක්. ඒ කිව්වේ අපි තුන් නිවුන්නු. දිගැටි මූණ.. කෙට්ටුත් නැති මහතත් නැති ශේප් ශරීරේ.. කොණ්ඩෙ ගැන නම් කතා කරන්නෙපා.. ඒක මල වදයක්.. හැබැයි මේ හැම දේකින්ම අපි සීයයට සීයක්ම එක සමාන වුනා. අපේ බාහිරින් තිබුන එකම වෙනස අපේ ඇස්. තරූගේ ඇස් දිලිසෙන කලු මික්ස් අලුපාටක් වෙද්දි සඳූගේ ඇස් දුඹුරු මික්ස් අලුපාටක් වුනා. ඒ දෙන්නටම වඩා වෙනස් වුනේ මං. මගේ ඇස් අර දෙන්නගෙම ඇස්වල පාට මික්ස් වෙලා අමතරව කොළ පාටකුත් මික්ස් වෙලා අමුතුම කොළ මික්ස් අලුපාටක් වුනා. ගොඩක් දුරට ගෙදර අය වුනත් අපි තුන් දෙනා අඳුරගත්තේ ඇස්වලින්.
කන ළඟින් බේරෙන දාඩිය බින්දුව සාක්කුවෙන් ගත්තු ලේන්සුවෙන් පිහිද ගන්න ගමන් මං studio එක ඇතුලට රිංගගත්තේ එලියේ ඉර අවුවට පිච්චිලා පිච්චිලා දැණුනු ගිනියම් ගතිය ඒසී එකෙන් නිවාගන්න. ඇතුලේ customers දෙතුන් දෙනෙක් හිටිය නිසා මං ශේප් එකේ ඇවිත් පිටිපස්සේ පොඩි කෑල්ලේ තිබුන පුටුවෙන් වාඩිවුනේ ටීෂර්ට් එක ඇදලා ඇතුලට පිඹ පිඹ. අප්පෝ එලියේ රස්නේ. මේ studio එක මගේ යාළුවෙකුගේ එකක්. ඒකයි මම මගේ වගේ ඇවිත් ඇතුලෙන්ම වාඩි වුනේ. මේක කරගෙන යන්නේ කිත්නුක අයියයි විහස් අයියයි.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰