“නික්...”
උදේ පාන්දරම කන ළඟ ඉඳගෙන තරූ බෙරිහන් දෙනකොට අම්මපා කකුල කැඩිලා කියලා නොබලා දෙකක් අනින්නමයි මට හිතුනේ. මට පේන්නම බැරි උදේ පාන්දර නැගිට්ටන එක. මං ඇහුනේ නැති ගාණට හිටියා.“නැගිටහන් යකෝ.”
තරූ මගේ බෙඩ්ෂීට් එකත් ඇදලා දැම්මා. ඒ විතරක් නම් මොකෝ, වී පොලනවා වගේ මාව දමාගෙන හොල්ලනවත් එක්ක. බදාගෙන හිටිය කොට්ටේ විසිකරන ගමන් මං යක්ෂාරූඩ වෙලා නැගිට්ටේ.
“මොකක්ද බං මේ මලවදේ.”
මං මූණට වැටිච්ච කොණ්ඩේ පිටිපස්සට කරන ගමන් ටේබල් වොච්එක දිහා බැලුවා. යකෝ හතහමාරයි තාම. මොකට තරූ මෙච්චර උදෙන් නැගිටිනවද මන්දන්නෑ. ඒකි නම් නැගිටලා අලුත් ඇඳුමකුත් දාගෙන හිටියේ. ඒත් මූණ නම් අවුල්.
“අන්න උදේම වාර්ථා කරන්න කියලා..”
“ඒ මොකෝ..”
“දන්නවනම් මටත් කියහං..”
තරූ රෝද පුටුව තල්ලු කරගෙන යන්න හැරුනා. අනේ දැන්ම නැගිටින්න බෑ අප්පා. මං ආයේ බෙඩ්ෂීට් එක ඇතුලේ ගුලිවුනා.
“නික්....”
ඒපාර නම් මලම පැනලා වගේ. මං කෙලින් වුනා. තරූ ඉන්නවා රවාගෙන. මම දත් තිස්දෙකම දාලා විරිත්තුවා.
“හරි හරි නැගිට්ටා..”
මගේ හිනාව පඩේකට ගණන් නොගෙන දිගටම රවාගෙන හිටිය නිසා මං ඇඳෙන් පහලට කකුල් දෙක දැම්මේ බෙඩ්ශීට් එක ගුලිකරලා ඇඳේ කොණකට විසික් කරන ගමන්. තරූ ලාවට හිනාවෙවී යද්දි මං බාත්රූම් එකට රිංගගත්තා. නැත්තම් ඊලගට තරූ වෙනුවට තාත්තිම මෙතන්ට එයි. දත් මදින්න බුරුසුව කටේ ගහගනිද්දිම සඳූගේ සද්දේ ඇහුනා. සඳූගෙන් නම් තරූ කොට්ට පාරක්වත් කන්න ඇති. මං වොෂ් දාගෙන එලියට එද්දි තරුයි සඳූයි දෙන්නා එලියේ හිටියේ මං එනකම්. සඳූගේ මූණ නම් උදේට දකින්න සුභයි.
“ඇත්තටම තාත්තිට කන්නම දෙයක් නැතුවද බං අපිව කන්න හදන්නේ.”
සඳූට නම් උපරිමේටම මලපැනලා. මල පනින්නේ නැතුව තියේයැ ඉතින් උදේ පාන්දර ඇහැරවද්දි. දැන් කියන්න යන දේ තාත්තිට දවසේ ඹ්නම වෙලාවක කියන්න පුළුවන්නේ. උදේම මරාගෙන කන්න හදන්නැතුව. අපි තුන්දෙනා ලිෆ්ට් එක ඇතුලට ගියත් තුන්දෙනාගෙන් කාටවත් බට්න්එක ඔබන්න ඹ්නකමක් නෑ. තරූ මූණ ටොයිලට් කට වගේ කරගෙන ඉන්නවා. සඳූ හිටගෙන නිදි. බැරිම තැන මං බට්න් එක එබුවේ මුළු ඇගේම ගැම්ම දාලා. පහලට එනකම් මං තේරුමක් නැතුව ඔහේ ෆෝන් එක ඔබ හිටියා. ලිෆ්ට් එක ඇරුනත් මං ෆෝන් එකෙන් නම් ඇස් අහකට ගත්තේ නෑ.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Azioneවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰