“ස්විටී.. නැගිටින්නකෝ.. කී පාරක් කතාකරාද දෙයියනේ. මෙන්න තාත්ති කතාකරනවා..”
උදේ පාන්දරම ඇහැරුනේ අම්මිගේ එලාම් එකට. ඇහැඇරුනු ගමන් මං බැලුවේ වෝල්වොච් එක දිහා. දෙයියනේ අම්මි. මොකක්ද මේ මලවදේ. තාම හයහාමාරයිනේ. ඊයේ නිදියනකොටත් දෙක පහුවුනාම විතරයි. මං හෙණම අමාරුවෙන් ඇස්ගෙඩි දෙක ඇරගෙන දොර ඇරියේ. ඒ වෙද්දිත් තට්ටු කරලම තිත්ත වෙලාද කොහේද අම්මි ගිහින්. ආයෙම ඇඳේ වකුටුවෙලා නිදියන්න හිතලත් අම්මිව කෑගස්සවන්න පව් නිසා මං මූණේ වතුර ටිකකුත් ගාගෙන පල්ලම් බැස්සා.
“හා.. හ්...”
හක්ක පනින්න තරමේ ලොකු ඈනුමක් ඇරලා මං කුෂන් සෙටියේ මුල්ලකට ගුලිවුනේ ඇස් ඇරගෙන ඉන්න ඇත්තටම බැරි නිසා. වාඩිවුනත් නින්ද යනවා අප්පා.. ටිකකින් සඳූත් ඇවිත් සෙටියේ අනිත් කොනේ ගුලිවුනා. මං හොදයි. මං නම් ආවේ ඇස් ඇරගෙනවත් කියන්න පුළුවන්. ඒකට මේකි.. ඇවිදින්නෙත් ඇස් පියාගෙන.
“ආ.. සඳූ මේක ෆිල් කරලා දෙන්න..”
තාත්තිගේ සද්දේ ළගින්ම ඇහෙද්දි අමාරුවෙන් වුනත් මං ඇස්ඇරියා. ඒත් මෙලෝවැඩක් නෑ. තාත්ති ඇඳන් ඉන්නේ මොන පාට ෂර්ට් එකක්ද කියලවත් මට පේන්නේ නෑ. ඒ තරම් නිදිමත සැරයි. තාත්ති සඳූට විතරක් මොකක්ද මන්දා කොළයක් දික්කරා. සඳූ නිදිමතේම ඒ කොලේ ෆිල් කරලා සයින් එකකුත් දාලා තාත්ති අතට දුන්නා.
“තෑන්ක්ස් සඳූ...”
“ආ... ඹ්කේ තාත්ති. ඒත් ඇයි..”
“මැනේජ්මන්ට් කෝර්ස් එකට සයින් කරාට..”
“මොකක්...”
සඳූගේ නිදිමත කොහෙන් ගියාද දන්නෑ. ඒකිට හිට්ටුනා. තාත්ති කුප්ප විදියට හිනාවෙවී ඇප්ලිකේෂන් එක පෙන්නලා හතරට නවලා එනිවිලොප් එකක දාගන්න ගමන් එයාගේ ඔෆිස් එකට ගියා. තාත්ති හොඳට දන්නවා සඳූගෙන් වැඩගන්න ඹ්න විදිය. ඒකයි නිදිමතේම සඳූවයි මාවයි ගෙන්නුවේ. සඳූ නිදිමතේ ඉද්දි වෑවර කාපු බලු කුක්කා වගේ. තාත්ති යනවත් එක්කම සඳූ සෙටිය උඩට කඩාගෙන වැටුනා. ඒකි අතක් මිට මොලවගෙන හයියෙන් සෙටියේ පත්තට ගැහුවේ කරගත්තු ගොන්කමේ කේන්තියට. ටිකකින් සඳූ මගේ කකුලට පයින් ගැහුවේ මං ඇස් පියාගෙනම ඉද්දි.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Azioneවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰