මං සෙටියේ දිහා වෙලා සිවිලිමේ තිබුන කැටයම් දිහා ඔහේ බලන් හිටියේ නින්ද අහලකවත් නැති නිසා. තරුත් නිදි. ආකේෂ් අයියා දිගට හරහට මට කෝල් අරන් තිබුනත් මං ආපිට එයාට නොගත්තේ එයැයි කතාකරන හේතුව මං දන්න නිසා. කීයක් දෙනවා කිව්වත් මේ මූඩ් එකෙන් නුදම් බලන්න යන එකෙන් වෙන්නේ ඒ අහිංසක හිතත් පෑරෙන එක. සතුටින් ඉන්න පුළුවන් මානසික තත්වෙක නෙමෙයි මං ඉන්නේ. මගේ කල්පනා ලෝකේ සුන්නද්දූලි වෙලාගියේ සඳූගේ යකඩ වලිප්පුවේ සද්දෙට. ඒ කිව්වේ ඒකිගේ ලදරම් ෆෝන් එක. එදා සිද්ධියෙන් පස්සේ මං සඳූ එක්ක කතාකරේම නෑ. එයානේ නැට්ට පාගගත්තේ. එයාමනේ සොරි කියන්නත් ඹ්න. මං හොඳටම දන්නවා ඒකි කවදාවත් සොරි කියන්නෑ කියලා. මොකද සඳූ මගේ නංගිනේ. මටත් කොහේවත් අමාරුවක් නෑ ඒකිට කතාකරන්න. ඹ්නනම් කතාකරයිනේ. මං හිතුවේ එකපාරක් දෙපාරක් රින්ග් වෙලා නවතියි කියලා. කොහේද මේක දිගටම ලතෝනි දෙනවනේ. මෙච්චර වෙලා මෙතන මැච් එක බල බල ඉදලා බාත්රූම්ද කොහේද ගියා. වැඩේ කියන්නේ බාත්රූම් ගිහිපු සඳුත් නෑ. මේ මඟුල රින්ග් වෙනවා ඉවරෙකුත් නෑ. කනක් ඇහිලා ඉන්න නැතිතැන මං ආන්සර් කරා.
“එ...”
“ඇයි සඳු ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ. කීයේ ඉදන්ද ගන්නේ. මොකක්හරි ප්‍රශ්ණයක්ද..”
මට වචනයක්වත් කියන්න නොදී එහා පැත්තේ හිටිය එකා කියෝගෙන කියෝගෙන ගියා. ආ.... මූද.. මුටද තදියම තිබුනේ. ඇයි දන්නෑ...
“සඳු...”
“ආ. ඇසල. කියන්න.”
“ඇයි ආන්සර් නොකරේ...”
“තාත්ති හිටියා.”
“ඔයාට අද එන්න පුළුවන්ද..”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰