මං ආකේෂ් අයියට කියලා මඟින් බස්සවගත්තේ ස්ටුඩියෝ එකට යන්න. කාලෙකින් යන්නත් බැරිවුනා. සඳුව ගෙදර ඇරලවන්න කියලා මං පාර පැනලා ‘ඉරු’ එකට ආවා. මං ඇතුලට එද්දි දෙන්නා ඉහින් කනින් දාඩිය පෙරාගෙන බිස්නස්. දෙන්නා මං දිහා බැලුවේ අසරණවෙලා. දෙන්නට පාඩුවේ බිස්නස් එක කරගන්න ඇරලා මං ඇතුලේ කාමරෙන් වාඩිවුනා. පැය භාගෙකින් වගේ විහස් අයියා ඇවිත් මගේ ඉස්සරහින් ඉඳගත්තේ ෂොප් එකේ ක්ලෝසින් බෝර්ඩ් එකත් දාලා. මං හින්දා මේ දෙන්නා වැඩත් පාඩු කරගන්නවා.
“ආ... නංගී..”
“හා අයියේ. කෝ අනිත් එකා.”
“ඌ ගියා ඔයාට බොන්න මොනවාහරි ගේන්න.”
“ඒ මොකෝ ස්පෙෂල් මට”
“දන්නෑ. ඉතින් ඉතින්.. මොකෝ මේ පැත්තේ.”
“අර ෆොටෝ ටිකත් අරන් යන්න ආවේ.”
කිත්නුක අයියා ආවේ ඒවෙලාවේ. කොළම කොළපාටින් දිලිසි දිලිසි එයාගේ අතේ තිබුනේ ස්ප්‍රයිට් බෝතල් තුනක්. ගිනිඅවුවේ ඇවිත් මට නිකන් ඒක දැක්කහම දිව්‍ය පානයක් දැක්කා වගේ දැණුනේ. පැන්න ගමන් උදුරලා අරන් කටේ ගහගත්තේ කිත්නුක අයියා ආ... නංගි කියලා දෙනකම් ඉන්න බැරුව.
“දෙයියෙක් නෙමෙයි දේවාලයක්.”
මං දත් තිස්දෙකම දාලා විරිත්තුවා. කිත්නුක අයියා හරී අමුතු විදියට හිනාවුනා. මං ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ. අව්වේ ආව නිසා මොළේ කරවෙලා පේන්න ඇත්තේ කියලා මං හිත හදාගත්තා.
“මොකෝ නික් වෙන්නේ දැන්.”
“ආ..”
මං බීම එක බිබීම විස්තරේ කිව්වා. විස්තරෙන් භාගයක් කියද්දි මගේ බීම බෝතලේ ඉවරවුනා. ඒක නිසා මගේ ඔලුව අද්දරින් පෙනුනු කිත්නුක අයියගේ බීම බෝතලේ උදුරලා අරන් මං කටේ තියාගත්තේ එයා ඒක බිව්වේ කට තියාගෙන කියලත් අමතක කරලා. එකට එක බත්එක බෙදාගෙන කෑවනම් මට මෙයා බිව්ව එකක් බොන්න බැරිකමක් නෑනේ. ඒක බිබී මං ඉතුරු ටික කිව්වා.
“ඒක හොඳයි.”
“මොකක්ද දැන් ඒක..?”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰