37. අතීතාවර්ජනය

4 1 0
                                    

මං කාමරෙන් එලියට ආවේ කිසිම අරමුණක් නැතුව. කරන්න ඹ්න දෙයක් ඹලුව පලාතක තිබුනේ නෑ. පඩිපෙලෙන් පහලට බහින්න හදලත් මං ආයේ හැරිලා ලිෆ්ට් එකට ආවේ පඩිපෙල ළග සඳූ හිටිය නිසා. එයාව දැක දැකම මං හැරිලා ලිෆ්ට් එකට ආවේ විනාඩි පහකට කලින් සඳූගේ කටින් පිටවෙච්ච උණ්ඩ ඔලුව වටේ කැරකෙද්දි. ලිෆ්ට් එකට රිංගලා මං සඳූගේ පැත්ත හැරිලා තමයි දොර වැහෙන්න බට්න් එක එබුවේ. වැහෙන දොරේ පුංචිවෙන හිඩස අස්සෙන් මට එයාගේ කලු වෙන මූණ පෙනුනා. මට කරන්න දෙයක් නෑ බන්. උඹ ඹ්නවටත් වඩා මගේ හිත අද තැලුවා. අද වෙනකම් උඹ මොන දේ කරත් මං කවදාවත් උඹ ගැන අහිතක් හිතුවේ නෑ. ඒත් අද.. මන්දා සඳූ. උඹ ඹ්නවට වඩා වැඩිවුනා අද.

පිටිපස්සේ ගාර්ඩ්න් එකට මං ආවේ නිකමට. පාලුයි. හිතට බරයි වගේ නිසා මං බට් අඹගහේ අත්තක මහමයා බිසව අල්ලගෙන හිටියා වගේ එල්ලුනා. ඒ අඹඅත්තේ එල්ලිලා පැද්දි පැද්දි මං නිකමට බැලුවේ නරං සීයගේ කාමරේ දිහා. ඒක දකිද්දි මෙච්චර වෙලා අරමුණක් නැතුව ගෙවුන කාලේ ඉවරවුනා. නාරං සීයා දන්න අතීතේ තව විස්තර දැනගන්න පුළුවන් වුනානම්. මං පැද්දිලම අඹඅත්තෙන් පැන්නා. නාරං සීයගේ කාමරේ දොර වහලා තිබුනත් ජනේලේ ඇරලා. සීයා ඇති. මං ජනේලේ ලඟට යද්දි ජනේලෙන් එලියට එන පොඩි දුම්පාරක් මං දැක්කේ අහම්බෙන්. ඈ.. මේ මොකෝ. මං ජනේලෙන් එබිලා බලද්දි සීයා හොඳ...ට වාඩිවෙලා කලු සුරුට්ටුවක් උරනවා. ඔය සුරුට්ටු පුදුම ගඳක් තියෙන සුරුට්ටු වගයක්. කොහොම නහයක් තියාගෙන බොනවද මන්දා. මං කෝකටත් කියලා සීයා රස කර කර සුරුට්ටුව බොන හැටි වීඩියෝ කරේ සීයා මට ඇත්ත විස්තර කියන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු නිසා.

සීයේ....”

විඩියෝ එක නවත්තලා මං දොරට තඩිබෑවා. තත්පර ගාණකින් සීයා දොරෙන් මතුවුනේ හිනා කටක් පුරෝගෙන. ඔහෙප්පලයං සුරුට්ටුව මහණ නොවීම රහත් වෙලානේ. වැඩේ කියන්නේ ගඳක්වත් නැති එකනේ.

බේබියෝ. මේ වෙලේ..”

“සීයා මොකොයි කරන්නේ.”

“ඔන්න ඔහේ ඇලවෙලා හිටියා බේබි.”

“සුරුට්ටු බිව්වා නේද...”

හිරුගෙන් ඔබ්බට...Where stories live. Discover now