මාස එකහාමාරක් දෙකක් විතර ගෙවිලා ගියේ කිසිම හැලහොල්මනක් නැතුව. අඩුම තරමේ එකෙක්වත් හයියෙන් පඩයක්වත් ඇරියේ නෑ ගෙදර. මාත් කාමරේටම වෙලා හිටියේ බයික් පදින්නවත්.. පීනන්නවත්.. ප්‍රැක්ටිස් කරන්නවත්.. අකේෂ් අයියා අවසර නොදුන්න හින්දා. තුවාලේ හොඳවෙලා තිබ්බත් ඇයි දන්නෑ මාව තාම නිවාස අඩස්සියේ. මං එයාලා කියන විදියට සද්ද බද්ද නොදා බිම්බල්ලා වගේ හිටියේ මං හින්දා මාස එකාහමාරක්ම කට්ටිය දුක් වින්ද නිසා. ඇඳේ ඉදලා ඉඳලා එපාවෙලා නිසා මං පහලට බැස්සේ හුළං ටිකක්වත් වදින්න. මං යද්දි තරූ නම් ටීවි බල බල හිටියා. ඊයේ පාටියේ තිබ්බ බැලූන්ස්වත් තාම හරියට අස්කරලා නෑ. පාන්දර තුන හතර වෙනකම් පාටිය තිබ්බ නිසා කට්ටියටම මහන්සි ඇති. ඊයේ සඳූ අර ගිහිපු මැනේජ්මන්ට් ක්ලාස් එකෙන් ග්රේඩ් ඒ ක්ලාස් සෙටිෆිකේට් එකක් අරන් තිබ්බ නිසා තමයි පාටිය තිබ්බේ. ඒකි ගත්තේ ග්රේඩ් ඒ ක්ලාස් සහතිකයක් නිසා මටයි තරූටයි ඒකේ මොකක්හරි කොස්සක් දැණුනා. ඒත් එවෙලේ අහන්න නොගියේ අවස්ථාව සතුටුදායක නිසා. මං තරූ ළඟින් වාඩිවුනේ අනිත් එකෙක්වත් පේන්න නොහිටිය නිසා...
“ගුඩ්මෝර්නින් මචං...”
“මෝර්නින්. කො බං මේ ගෙදර මිනිස්සු..”
“මහාතැන් දෙක තාම නැකිටලා නෑ. වයසක එක් තැනක් කිචන් එකේ තේ හදනවා. අනික් තැන එලියේ එල්ලලා තියෙන ඩෙකරේෂන්ස් ටික ගලවනවා..”
“එතකොට ලාමක තැන..”
“ආ.. ඊයේ පාටියේ තෑග්ග වෙනුවට ඌව නැකිට්ට පැදුරෙන් කඩේ යවලා..”
“මොකේද....?”
මං තත්පරේට හැටේ වේගෙන් තරූගේ පැත්ත හැරුනේ සඳුවා ගිහින් තියෙන්නේ මගේ බයික් එකේද කියලා දැනගන්න...
“ඔව්.. උඹ හිතුවා හරි. ඌ ගියේ උඹේ දඬුමොනරේ තමයි. සතුටුයි..?”
තරූ මට උත්තර දුන්නේ ටීවි එකෙන් ඇස්ගන්නේ නැතුවමයි.. හනේ.. බයික් එක හැදුවා විතරයි. මේ යකා කොහේහරි පල්ලමක ගිහින් ආයේ බොඩිය තලයිද මන්දා. මං හැප්පුව දවසේ නම් බයික් එක උස්සලා ගන්න පුළුවන් තත්වෙන්වත් තිබ්බා. ඒත් සඳූ හැප්පුවොත්නම් කෑලි එකතු කරන්න වෙන්නේ ආප්ප හැන්දෙන්. දැන් ඉතින් සඳුවා එනකම් ඇඟේ ලේ නැතුව ඉදහංකො. මං නියපොතු ටික හපන ගමන් පාර දිහා බලන් හිටියා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰