දොර ඇරගෙන එලියට ඇවිත් මට අඩි පහක් දුර යන්න හම්බුනේ නෑ. කවුදෝ මන්දා මගේ අතින් අල්ලගත්තා. මං ඔලුව උස්සලා බැලුවේ කවුද කියලා. ආ.... මෝඩ ජෝඩුව. ඒත් හිතේ නොරිස්සුම තිබුන නිසා මගේ අතින් අල්ලගෙන හිටිය කිත්නුක අයියා දිහා මං බැලුවේ රවාගෙන.
“ඇයි..”
“තරූට පනිෂ්මන්ට් දෙන්න ඹ්නෙනම් ඒක එයා සනීප වුනාම දෙන්න. දැන් එපා...”
මං කෙළින්ම කිත්නුක අයියගේ මූණ දිහා බැලුවේ ඇතුළේ අපි අතරේ වෙච්ච කතාබහ දැනගත්තේ කොහොමද කියලා හිතාගන්න බැරුව. ඒත් කොලුවගේ ඇස් දෙක දැක්කම මට නිකම්ම තේරුනා දැනගත්තේ කොහොමද කියලා. ඒක නිසාමයි මගේ ඇස් හීනිවුනේ.
“අහගෙන හිටියද..”
“ඹ්නකමින් අහන් හිටියේ නෑ. මේ.. ඇතුලේ සද්දේ වැඩි නිසා ඔටෝ ඇස්සුනා.”
ප්‍රශ්නේ ඇහුවේ කිත්නුක අයියගෙන් වුනාට ඔලුව කස කස උත්තර දුන්නේ විහස් අයියා. මුන් දෙන්නගේ ඔක්කොම හොඳයි. මෙන්න මේ චීත්ත පුරුද්ද තමයි කැත. මං කිත්නුක අයියගේ අත ගසලා දාලා යන්න හදද්දිම විහස් අයියා පැනලා මාව නැවැත්තුවා.
“දැන් මොකද.”
“නංගි... තරූ ඉන්න සිටුවේෂන් එක තේරුම් ගන්න. ඔයාටයි සඳූටයි ගෙදර අය කරාටි කරන්න එපා කිව්වම අවුල් ගියා නේද. තරූටත් ඒ බය තියෙන්න ඇති. මට මතක ඇති කාලෙක ඉදලා තරූ ආසාවෙන් දෙයක් ගැන කියෙව්වා නම් ඒ මේ රයිටර් වැඩේ. එහෙම නේද. ඒක නිසා එක පාරක් සමාව දීලා එයාට උදව් කරමු. අනික තරූ මීට කලින් කිසිම දෙයක් හංගලා නෑනේ.”
විහස් අයියගේ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැහැ. ඇත්ත... තරූ මීට කලින් කිසිම දෙයක් අපිට හැංගුවේ නෑ. කොටින්ම කියනවා නම් පඩයක් ගියත් අපිට කිව්වා. අන්න ඒක නිසාමයි මේ වගේ ලොකු දෙයක් අපිට හැංගුවට මං අවුල් ගියේ. හැංගුව නිසා තරහට ආවාට මගේ තුන් හිතකවත් නෑ තරූට බකට් අදින්න. මං මොනවා වුනත් ඉන්නේ තරූගේ පැත්තේ.
“තරූට උදව් කරනවා නේද...”
විහස් අයියා මගේ මූණටම එබිලා ඇහුවා. ඒක මගෙන් ආයේ අමුතුවෙන් අහන්න දෙයක් නෑ. මං කොහොමත් මගේ අක්කණ්ඩිට උදව් කරනවා.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Acciónවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰