බයික් එකට නඟින්න හදද්දිම ආයෙත් මගේ ෆෝන් ලඩිය මැරෙන්න හදන්න ගත්තා. අදනම් ගෙදර යන්න වෙන්නෙම නෑ වගේ. යකෝ මට බඩගිනියි. අර යක්කු ටික නිසා උදේට හරියකට කන්නත් බැරිවුණා. දැන් 1ත් පහුයි. මං බැන බැන ෆෝන් එක අන්සර් කරා.
“නික්...”
“හෙලෝ කියලා ඉන්න පුරුදු වෙයංකෝ ස්විටි.”
“ආ... ඉඳහං මං ආයේ මුල ඉදලා ගන්නම් එහෙනම්.”තරූ ආයෙම ෆෝන් එක තියන්න හැදුවා. අම්මපා ලගක හිටියනම් දෙනවා නිල්වෙන්න. මේකිත් පයිත්තියන් කෙලින්න ගන්නේ මලපැනපු වෙලාවටමයි.
“මගෙන් මුකුත් නාහා කියහං ඇයි කතාකරේ කියලා.”
“ජයවීර අංකල් කිව්වා පොලිස් ස්ටේෂන් එකට එන්න කියන්න කියලා.”
“මේ දැං...”
“හ්ම් හ්ම්...”
“ඒ ඇයි බං....”
“දන්නේ කවුද බං. චුක්කිවත් එක්කගෙන ගියා.”
“එතකොට උඹ...?
“මගේ ඉතින් කකුල කැඩිලනේ නික්. ඒක නිසා මට එන්නෙපා කිව්වා.”තරූ ඒක කිව්ව තාලෙට මට හිනාගියා. ඇත්තටම කැඩෙන්න තිබ්බේ කකුල නෙමෙයි. කට..
“හරි මං යන්නම්කෝ.”
“හරි.. ඒක නෙමෙයි නික්.”
“එහෙනම් මොකක්ද..?”
“උඹ කාලද ඉන්නේ. උදේට කන්නත් බැරිවුනා නේද.”
“නෑ බං.. දැන් මං මේ ගෙදර එන්න හැදුවේ කන්න...”
“අනේ... උඹ එහෙනම් ගෙදර වරෙන්. කාලා යමං. මාත් එන්නම්.”මේකිට විතරයි මගේ සුදහා ගින්දර ගැන ටිකක්වත් හිතුවේ. මෙන්න සහෝදරියෝ.
“ඹ්න්නෑ බං. ජයවීර අංකල් සාමාන්‍යයයෙන් ඇවිත් හෙවිල්ලක්බැලිල්ලක් නැතුව මාව කුදලගෙන යනවා මිසක් හදිස්සියකට ඇරෙන්න මට එන්න කියන්නේ නෑ. ලොකුම උවමනාවක් හින්දා වෙන්න ඇති මට එන්න කිව්වේ. මං ගිහින් බලන්නම්කො.”
“ඒත් උඹ බඩගින්නේ නේද.”
“ඒකට මොනවාහරි කරමු බං. එහෙනම් මං තිබ්බා. බායි.”
“ශරි බායි. පරිස්සමෙන් වරෙන්.”මං ෆෝන් එක සාක්කුවට දානගමන් රවුන් ද බවුට් එකෙන් හරවලා පොලිස් ස්ටේෂන් එකට ගියා. මං යද්දි සඳූට සේෆ්ටි ජැකට් එකකුයි ඉයර් කවර් දෙකකුයි දාලා තිබ්බා. ඒකි ඒ විදියට මට පෙනුනේ හරියට අයිස්ලන්ත පොරක් වගේ. ජයවීර අංකල් මේ මොන හරුපයක්ද කරන්න යන්නේ.
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Actionවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰