මං හීනෙන් වගේ හිනාවෙලා ආයෙම දෙවෙනි තට්ටුවේ ඉදපු තරූගේ කාමරේට යන්න හැරුනා. මොකක්ද අප්පා ඒ වෙලා තියෙන්නේ. ඒ ගැණු කෙනාගේ නහරයක් පුපුරන්නේ කොහොමද. තරූව ඇක්සිඩන්ට් වෙනවා දැක්කා නම් හාර්ට්ඇටෑක් එකක් හැදෙනවා මිසක් නහරයක් පුපුරනවයැ. මේ ඔක්කොමත් හරි මං දැන් ගිහින් කොහොමද මේක තරූට කියන්නේ. ඹ්කි මගේ කෙස් ගහෙන් ගහ ගලවාවී.
හපොයි..... කල්පනාවෙන්ම මට ලිෆ්ට් එකත් අමතක වෙලා පඩිපෙලෙන්ම ඇවිත්නේ. දිව කකුල් දෙක ලගට ඇදෙන සයිස් එකට හති හල හල මං කාමරේ දොර ඇරන් ඇතුළට ආවා. මං එන්නේ කොයි වෙලේද කියලා බල බල හිටියා වගේ මගේ රූපේ දකිද්දිම තරූගේ ඇස් දිලිසුනා.
“ඒ ආච්චි හොදින් නේද.”
“හිටපංකො. මට මැරෙන්න හති.”
මං තරූට බර බර ගාන ගමන් ගිහින් ටැප් එක ඇරලා වතුර වීදුරුවක් පුරවගෙන උගුරක් බිව්වා. මහන්සි පිට එකපාරට වතුර බොන්න හොඳනෑ කියලා ඔය කොහේද මන්දා පුස්කොල පොතකත් තිබුනේ.
“කියපංකෝ. හොඳින් නේද.”
“මොන හොඳක්ද බං. ඒකි මැරිලා.”
“වට්...”
මං තරූට උත්තර දුන්නේ ගානක් නැතුව වතුර උගුරක් ආයේ කටට ගන්න ගමන්. ඒත් තරූගේ ‘වට්’ ගෑවිල්ලට මට වතුර පිටඋඟුරෙත් ගියා. දැවිල්ල අල්ලපු පපුව අතගගා කහින ගමන් විදුරුව පැත්තකින් තිබ්බේ තරූ දිහා රවලා බලන ගමන්.
“මොන රෙද්දක්ද ස්විටි. වතුර ටිකවත් නිදහසේ බොන්න දීපංකෝ.”
මං කේන්තියෙන්ම බැන බැන තරූගේ පලු අරින්න හිතාගෙන බැලුවත් ඒ ඇස්වල පිරිලා තිබුන කඳුළු දැකලා මගේ කට ලොක්වුනා. මට ඉබේම සඳූ දිහා බැලුනා. සඳූත් තරූ දිහා බලන් හිටියේ පිටසක්වලින් ආපු එකෙක් දිහා බලන් ඉන්නවා වගේ.
“ස්විටි. මොකෝ මේ.”
“එ...එයා ඇත්තටම මැරිලද නික්.”
“ඇත්තටම මැරිලද අහන්නේ ඇයි මිනිස්සු බොරුවටත් මැරෙනවද ස්විටි. විකාර කතා නොකර ඉදපං. ඇත්තටම තමයි මැරිලා තියෙන්නේ.”
YOU ARE READING
හිරුගෙන් ඔබ්බට...
Aksiවෛරය... පලිගැනීම.. වේදනාව අතරේ... සහෝදරත්වයෙන්.. ආදරයෙන්.. මිතුදමෙන්... ජීවිතයට පාර සෙවූ ඒලියන් කෙල්ල... ❤️🥰